තද අවුවට යනකොට

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.

1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

බස්නාහිර, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම තත්වය වඩාත් දරුණු ලෙස බලපා තිබෙනවා.

මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න. 

මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP විශ්‍රාම ලබයි Read Previous

මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP විශ්‍රාම ලබයි

ස්වර්ණාභිවන්දනා 2026 ධාතු වන්දනා පිංකම සඳහා  අගමැතිනිය සහභාගී වෙයි Read Next

ස්වර්ණාභිවන්දනා 2026 ධාතු වන්දනා පිංකම සඳහා අගමැතිනිය සහභාගී වෙයි

Realted Post

Leave a comment