නීතියෙන් සමාවක් නැති මානසික රෝගය

 

අපි දන්නවා මානසික රෝගයක් තිබෙන කෙනෙක් වරදක් කළොත් නීතියෙන් එයාට සමාව ලැබෙනවා කියලා. නමුත් මම අද කතා කරන මානසික රෝගය අති කෙනෙකු අතින් වරදක් වුණොත් ඒ කෙනාට නීතියෙන් සමාව නැහැ. එම මානසික රෝගය තමයි අපි මනෝ විද්‍යාවේදී කතා කරන   Pedophilia Disorder කියන තත්ත්වය. ඒ කියන්නේ කුඩා දරුවන්ගෙන් ලිංගික තෘප්තියක් ලැබීමේ ආශාව.

මෙවැනි රෝගී තත්ත්වයන් තිබෙන අය අපට මෑතකදී පවා සිදු වූ ළමා අපයෝජන සිද්ධි දෙස බැලීමේදී පැහැදිලි වෙනවා.  කොතෙකුක් නීති හැදුවත් මෙම අපයෝජන ක්‍රියා නතර වෙන්නෙ නැහැ. නමුත් මල් කැකුළු අපයෝජනය කිරීමට නම් කිසිදා සමාවක් දෙන්නට බැහැ.
ඔබ තුළ මෙවැනි හැඟීම් ඇතිවෙනවා නම් ඔබ ප්‍රතිකාර ලබා ගත යුතුයි. පුංචි මල් කැකුළු සමග ලිංගිකව හැසිරීමට හිතෙනව නම්, ඔවුන්ගේ ශරීර ස්පර්ශ කිරීමට හිතෙනවා නම්, අනිවාර්යයෙන් ඔබ ඖෂධ ප්‍රතිකාර හෝ මනෝ චිකිත්සාව ලබා ගත යුතුය.
මෙවැනි ව්‍යාධීන් ඇති අය හඳුනාගන්නේ කොහොමද ? 
මෙවැනි ව්‍යාධීන් වලින් පෙළෙන අය කුඩා දරුවන් සිටින තැන්වල ගැවසෙනවා වැඩියි.
කුඩා ළමුන් වෙනුවෙන් වියදම් කරනවා වැඩියි.
ළමා නිවාස පවා පවත්වාගෙන යාමට උනන්දු වෙනවා.
මෙලෙස කුඩා දරුවන්ට ළං වෙන සියලු දෙනාටම මෙම මානසික රෝගය නැහැ. එහෙම අපි හිතුවොත් මේ වැරැද්ද සිදු කරන හැමෝම කියයි. ‘‘මට ඒ මානසික රෝගය නිසා එහෙම වුණා’’ කියලා.
මවුපියන් මේ ගැන වැඩි අවධානයක් හා සැලකිල්ලක් දක්වන්න ඕනෑ.  තමන් රැකියාවට යාමේදී තම දරුවන් රැකබලා ගැනීමට දාලා යන්නේ කොහේද කවුරුන් ළඟ ද එම අයගේ හැසිරීම් මොන වගේ ද කියලා.

 

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Previous

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Next

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

Realted Post

Leave a comment