මට මගේ සැමියව පේන්න බැහැ
මම විවාහ වෙලා අවුරුදු පහක් වෙනවා. මට මගේ සැමියව පේන්න බැහැ. දරුවා වැරැද්දක් කළත් නැතත් මට තරහා එනවා. දරුවත් දැන් අකීකරු වෙලා.
මට සැමියගෙන් දික්කසාද වෙන්න ඕනේ. මට ලිංගික ජීවිතය එපා වෙලා.
මේ කාන්තාවට එහෙම හිතෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? ලිංගිකව එකතුවීමට මානසික වගේම කායික බලපෑම් ද තිබෙනවා.
ඉතිං මැය පවසන පරිදි ඇයගේ සැමියා උදේ රැකියාවට යනවා. ඒ ගිහින් ඇවිත් තියෙන දෙයක් කාලා Phone  එක බලනවා. පස්සේ නිදිමත ආවම නිදා ගන්නවා. මගේ දුක සැප සොයා බලන්නේ නැහැ. සැමියට අවශ්‍ය දවසකට විතරක් ලිංගිකව එකතුවෙනවා. මට ඒ දවස්වලට කිසිම හැඟීමක් නැහැ. මට ඔහු' කෙරෙහි තරහක් තියෙන්නේ.
ඉතින් මට ලිංගිකත්වය එපා වෙලා කියන වෙලාවට සැමිය මමත් එක්ක රණ්ඩු වෙනවා. ඉතිං මගේ අවශ්‍යතා එයා බලන්නේ නැහැ. ඉතිං මම කොහොමද සතුටින් එයා එක්ක ලිංගිකව එකතු වෙන්නේ.
ඇය මේ කියන තත්ත්වය ඇයගේ පැත්තෙන් හරි. පවුල් ජීවිතය දෙදරා යාමට මූලික හේතුවක් වෙනවා මේ ලිංගිකත්වය.
මනෝවිද්‍යාවට අනුව පරීක්ෂණ මඟින් සොයාගෙන තිබෙනවා. ලිංගිකත්වය කියන්නේ අපේ මූලික අවශ්‍යතාවලින් එකක් ලෙස. එය රිසි ලෙස අත්විඳිමට නොලැබුණු විට සියලු දෙනාම (කාන්තාවන් මෙන්ම පිරිමි) මානසික ආතතියට පත් වෙනවා. නිතරම තරහා ගන්නවා. හේතුවක් නැතිව එම තරහව තව කෙනෙක් පිටින් යවනවා.
මේ තත්ත්වය නිසා දරුවන්ටද විශාල බලපෑමක් සිදුවෙනවා.
නිතර මවුපිය ගැටුම්
මවුපියන්ගේ තරහ දරුවන් පිටින් යාම
දරුවන්ව මගහැරීම
වැනි විශාල ඛේදවාචකවලට මුහුණ දෙන්න වෙනවා.
ඉතිං මේ විදියට දරුවන්ව පීඩාවට පත්කරන්න මවුපියන්ට අයිතියක් නැහැ. හොඳම දේ දෙන්නම ප්‍රතිකාර ලබා ගැනීම හෝ වෙන්වීම පමණයි.
ඉතින් මේ ප්‍රශ්නය සමග මා ළඟට ආ මේ සැමියා හා බිරිඳට මම මනෝ චිකිත්සක ක්‍රම ලබා දීමෙන් දැන් දෙදෙනාම සතුටින් කාලය ගෙවනවා.
මනෝ ප්‍රතිකාර
මම ඔවුන්ට දුන් එක් ක්‍රමයක් වන්නේ සතියකට දවස් තුනක් වෙන් කරලා ඒ දවස් තුනේ පැය භාගයක් Phone සියල්ල පසෙකලා දෙදෙනා කතා බහ කිරීමට සැලැස්වීමයි.
මුලදී මා විසින් ඔවුනට දවසට කතා කළ යුතු මාතෘකා දුන්නා
01 දරුවන් ගැන
02 අනාගතය ගැන
03 අතීතයේ දෙදෙනා ආදරයෙන් සිටි හැටි.
යනාදී මාතෘකා බෙදලා දුන්නා. පස්සේ පස්සේ ඔවුන්ට මාතෘකා දීමට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ම මාතෘකා හදා ගත්තා.
මෑතකදී ඇය මට හමුවුණා. ඇය කියනවා දැන් සතියට දවස් දෙකක් තුනක් නෙවෙයි අපි හැමදාම කතා කරනවා. දැන් අපි සතුටින් කාලය ගෙවනවා කියලා.
ඉතිං අපි දන්නවා සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන්න නම් මනා සන්නිවේදනයක් තිබිය යුතුයි. දෙදෙනාම කතා බහ කිරීමෙන් අදහස් හුවමාරු කර' ගැනීමෙන් පවුල් ජීවිතයක් ගෙන ගියානම් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට පුළුවන්.
ලිංගික ජීවිතය එපා වීම, බෙලහීනතාව, ලිංගික වේදනාව මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ ද දෙදෙනා තුළ සංවාදයක් නොතිබීම නිසාය.
අද සමාජයේ කාන්තාව රිසි සේ ලිංගික තෘප්තිය ගැන කතා කිරීමට බිය වෙයි. එයට හේතුව සැමියා ඇයගෙන් ප්‍රශ්න කරාවි මේ දේවල් කොහොමද දැනගත්තේ , මීට කලින් කා සමගද ලිංගිකව හැසිරුණේ කියා ප්‍රශ්න නගාවි කියා කාන්තාව බිය වෙයි.
ඉතිං මේ සියලු අක්‍රමිකතාවන්ට මානසික බලපෑම බලපානු ඇත.


                                            
                                            
                                                    
                                                    
                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
Leave a comment