මවුකිරි දොවලා දෙන්න පුළුවන්ද?

කිරි දොවන්න වෙන අවස්ථා

දරුවා නියමිත දිනට පෙර ඉපදීම හෝ දරුවාගේ බර ඉතා අඩු වීම.

මෙවැනි දරුවන්ට මුල් දිනවලදී කිරි උරා බීමට ශක්තියක් නැත. එම නිසා කිරි දොවා දීමට සිදු වේ.

ත්තමවගේ පියයුරේ කිරි තද වූ විට දරුවාට පියයුරු අල්ලා ගැනීමට අපහසු වේ. එවිට දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ කරවීමට නම් කිරි ස්වල්පයක් දොවා පියයුරේ කළු කොටස මෘදු කළ යුතු වේ.

රාජකාරි කරන මවකට රාජකාරි වෙලාවේදී දරුවාගේ පෝෂණය සඳහා රාජකාරියට යාමට පෙර කිරි දෙවිය යුතු වේ.

ගිලුණු තන පුඩු ඇති මවුවරුන්ගේද දරුවා කිරි උරා බීමට පුරුදු වන තුරු ඔවුන්ටද කිරි දොවා පෙවිය යුතු වේ.

එමෙන්ම දරුවා හෝ මව දැඩි ලෙස අසනීප වූ විටෙකදී, මවට කිරි දීමට හෝ දරුවාට කිරි උරා බීමට නොහැකි අවස්ථාවල කිරි දොවා දිය යුතුය. පියයුර හිස් නොවුණහොත් කිරි නිපදවීම අඩු විය හැකිය.

උපදෙස් ප්‍රජා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර වාට්ටු කළමනාකරණ හෙද සොයුරිය

ආර්.එම්.එන්.රාජනායක

සටහන නදීෂා අතුකෝරල

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Next

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

Realted Post

Leave a comment