රිය ධාවනය කරන පුද්ගලයන්ගේ ඇස් ආබාධ

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ප්‍රථම රජයේ අක්ෂි වෛද්‍යවරුන් විසින් සකසන ලද මාර්ග උපදේශන මත අක්ෂි පරික්ෂාවක් සිදු කර ගත යුතුයි. මෙය ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය විසින් 2021 පෙබරවාරී 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය සඳහා වූ දැක්ම ප්‍රමිතීන් වෙනස්කම් සිදු කර ඇත. 

ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමයේ සභාපති දෘෂ්ටි විශේෂඥ හිරාන් පෙරේරා මහතා පවසන අයුරින් ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය සඳහා දැක්ම ප්‍රමිතිය අනුව පෙන්වා දෙන්නේ අපගේ මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත් සමඟ, තදබදය හරහා ආරක්ෂිතව කරගැනීම සඳහායි. රිය පැදවීම සඳහා මොළයට අවශ්‍ය සංවේදක ආසන්න වශයෙන් 95% ක් පැමිණෙන්නේ දර්ශනයෙනි. එබැවින් ඔනෑම වාහනයක රියදුරකු සඳහා ප්‍රමාණවත් දැක්ම ප්‍රමිතීන් සකස් කිරීම පැහැදිලිවම අත්‍යාවශ්‍ය වන අතර මේවා ව්‍යවස්ථාපිත අවශ්‍යතා හෝ වෘත්තීය ආයතනය එනම්, ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයෙන් මඟ පෙන්වීමක් ලෙස දක්වා ඇත. රිනිවල් සහ රියදුරු බලපත්‍රය අලුත් කිරිමේ අයදුම්කරුවන් බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර දර්ශන පරික්ෂණයක් සිදු කර සමත්විය යුතුයි.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ. වික්‍රමසිංහ  මහතා (නෙවිල් ප්‍රනාන්දු රෝහල) පවසන්නේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී විශේෂයෙන් මතක් කරන්න තිබෙන්නේ වයස අවුරුදු 18 වෙද්දී ශ්‍රී ලංකාවේ ගැහැණු / පිරිමි භේදයකින් තොරව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සිතනවා. නමුත් එහෙම සිතුවට කිසිම කෙනෙකු ඇස් පෙනීම පරික්ෂා කරගෙන යන්නැහැ. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී අවශ්‍ය සුදුසුකම් වලින් මූලික දෙයක් තමයි ඇස් පරික්ෂාව. ඒ නිසා ඇස් පෙනීම පරික්ෂා නොකර රියදුරු බලපත්‍රය ලබා ගැනීමට යාම දී තමයි දැන් ගන්නේ ඇස් ආබාධයක් තියන බව. එතන දී ලබා දෙන විස්තර පත්‍රිකාවත් එයට අදාළ ඇස් පරික්ෂාව කරගෙන එන්න කියලා. 

ඒ වගේම ඇස් පෙනීම පරික්ෂා කරලා ගියත් සමහර වේලාවට ඒ පෙනීම මදීවීමට පුළුවන්. එතන දී තියනවා ඇස් සම්බන්ධ වෛද්‍යවරයෙකුට පෙන්වා ගෙන එන්න කියලා. එක වැඩය කරගන්න තුන් හතර වරක් රස්තියාදු වීමක් වෙනවා. නොදැනුවත්භාවය නිසාවෙන්. ඒ නිසා අවුරුඅදු 17-18 වයස දරුවන්ව දැනුවත් කිරීමත් කරන්න ඔනී. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට යාමට පෙර ඇස් පරික්ෂාව කර ගැනීම වැදගත් කියලා. ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුම අවශ්‍ය වෙන්නැහැ. අඩුම තරමේ ඇස් කණ්ණාඩි ලබාදෙන සාප්පුවකින් වුවත් ඇස් පෙනීම පරික්ෂා කර ගත හැකියි. නැත්නම් රජයෙන් ලබා දෙනවා විස්තර පත්‍රිකාවක්. ඒ විස්තර පත්‍රිකාවේ ඇස් පෙනීමේ දුර්වවලතාවයක් ඔබට පවතිනවා මේ මේ පත්‍රිකාව රැගෙන ගොස් ඇස් පෙනීම පරික්ෂා කරගෙන එන්න කියලා. එහෙම නැත්නම් දෙවන වරට ලබාදෙනවා විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගෙන එන්න කියලා. 

රියදුරු බලපත්‍රය ලබාගනීමට පෙර  ඇස් පරික්ෂාව නොකර ගෙන යාමෙන් රජයට යන්නේ අනවශ්‍ය වියදමක්. ඒ දෙනු ලබන පත්‍රිකා සියල්ල වළක්වා ගන්න පුළුවන් රියදුරු බලපත්‍රය ලබාගැනීමට පෙර ඇස් පරික්ෂාව කරගෙන ඒමස තුළින් දිනකට රියදුරු බලපත්‍ර ලබා ගන්න යන ප්‍රමාණය දෙතුන් දාහක් විතර වෙනවා. ඒ අතර රියදුරු බලපත්‍ර ලබාගන්න පැමිණෙන පුද්ගලයන්නේ දිනකට විනාශ වී යන පත්‍රිකා ප්‍රමාණය සහ ඇස් පෙනිමේ දුර්වලතාවය නිසා දිනක රියදුරු බලපත්‍ර ලබාගැනීම අවලංගු වී යනවා. එතන දී ඒ යන දිනයක වියදම අපිට නවත්වා ගන්න පුළුවන්. එය වළක්වා ගන්න පහසුව ක්‍රමය තමයි ඇස් පෙනීම පරික්ෂා කරගෙන යාම තුළින්. 

මෙය වයස අවුරුදු 17-18 දරුවන්ගේ සාමාන්‍ය දැනිමේ කොටසක් වෙන්න ඔනි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට යාමේ දී. 
ඒ වගේම ඇස් පෙනීම පරික්ෂා කරන දත්ත ගබඩාවේ තියනවා. ඇස් පරික්ෂාව එම පරික්ෂණ රජයේ රෝහලකින් කරගන්න පුළුවන්. 
ඇසේ ඩිප්ලෝහියා බලන්න තියනවා. දෙක දෙක පෙනීම තියනව ද ? ඇසේ වපරයක් තියනව ද ? ඒ වගේම ඇස් සම්බන්ධ විශේධෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වා සටහන් කරගන්න තියනවා. මේ පුද්ගලයාට ගන්න පුළුවන් වර්ගිකරණය මොකක්ද කියලා  සටහන් කරන්න තියනවා. 

පෙනිමේ අඩු පූද්ගලයෙකුට තමාට පෙනීම අඩු බව දන්නවා නම් එහෙමනම් ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකුට වෙත ගොස් දුර්වලතාවය ට පිළියමක් කර ගත යුතුයි. 

අපි දැකලා තියනවා රියදුරු බලපත්‍ර ලබාගැනිමේ දී ඇවිත් විශාල ලෙස පෝලීම් වල ඉන්නවා. මෙතන 5% ක් වත් ඇස් දුබලතා තියන පුද්ගලයන් ඉන්නවා. මෙය අනවශ්‍ය වියදමක් කාලය, ශ්‍රමය අපරාදයක්. මෙය වළක්වන්න පුළුවන් සරලම ක්‍රමය තමයි දැනුවත් කිරීමක් ලබා දීම අවශ්‍යයි. ඇස් පරික්ෂා කරගෙන ආ යුතු බවට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ප්‍රථම. අක්ෂි වෛද්‍යවරුන් විසින් සකසන ලද මාර්ග උපදේශණ මත තමයි මේ වර්ගීකරණය කර තිබෙන්නේ. ලෝකයේ තත්ත්වය ගැන විමසමින් අපේ රටට ගැළපෙන පරිස මට්ටම අනුව තමයි මෙම දත්ත නිර්මාණය කරලා තියෙන්නේ. වර්ගීකරණය සාමාන්‍යයෙන් තියෙන්නේ බර වාහන, සැහැල්ලු වාහන සහ තනි ඇසෙන් පදවන වාහන ලෙස යි. 
ඇසේ තියන දුර්වලතා අනුව බර වාහන ලබා ගැනීම අපහසු ද , පුළුවන් ද ? වැනි වර්ගිකරණය කර තිබෙනවා. මේ සඳහා නිමැවුණු මාර්ග උපදේශනයක් තියෙනවා. කවුරු හෝ කියු පමණන් මට රියදුරු බලපත්‍රය සමත් කරදීමට පුළුවන් ද කියලා එහෙම අපහසුයි. පිළිගත් රියදුරු බලපත්‍ර උපදේශනයක් තියෙනවා මාර්ගයේ දී ජනතාවට හානියක් නොවන අයුරින්. රථවාහන වලට ප්‍රධානම හේතුව ලෙස පෙනිමේ අඩුකම, දුර්වලකම් නිසා ම පැවසීමට අපහසුයි. සාමාන්‍යයෙන් මත්පැන් පානය කර රිය ධාවනය, රිය පැදවීමේ දී නින්ද යාම, නොසැලකිලිමත් කම වැනි හේතු රාශියක් තියනවා. ඇසේ පෙනීම කියන දෙයත් සම්බන්ධයි. නමුත් කිසිම තැනක කියන්නැහැ පෙනීම දුර්වලතාවය නිසා රිය පැදවීම පෙනීම නිසාම සිදුකරන දෙයක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය , හොඳින් පෙනීම පවතින කෙනෙකු වටපිට බලබල රිය පැදවීම තුළ මගියෙකු යට කරගෙන යාමට පුළුවන්. හොදින් පෙනීම තිබෙන පුද්ගලයෙකු මාර්ග සංඥා අනුගමනය නොකර රිය අනතුරු වෙන්න පුළුවන්. තරහින් රිය ධාවනය කිරීමෙන් අනතුරු වෙන්න පුළුවන්. 

ඒ නිසා පෙනීම සහ මාර්ග අනතුරු සම්බන්ධ කිරීම තරමක් අපහසුයි. හැබැයි රියක් බිය නැතුව පැදවීමට අවශ්‍ය මුලික සහ එකම සාධකය. නිදසුනක් ලෙස ඉදිරියේ යන වාහන රිය අංකය පෙනීමට මාර්ග සංඥා දැකීමට වාහන සිග්නල් ලයිට් දකින්න. වාහන එළවීමේ දී අවම සුදුසුකම් සපුරන්න තමයි ඇස් පරික්ෂාව බැලිය යුතු වන්නේ. පෙනීම දුර්වලතාවය නිසා රිය අනතුරු සිදුවීම පුළුවන්. නමු.ත් පෙනීම දුර්වලකම ප්‍රධානම හේතුවක් ලෙස කියන්න අපහසුයි. ඒ ගැන තවදුරටත් පැහැදිලි කරලීමට එක් වුයේ අක්ෂි ශල්‍ය වෛද්‍ය මංගලා ගමගේ මහත්මියයි. ඇය පවසන ආකාරයට ලංකාව තුළ පෙනීම හොඳින් තිබෙන පුද්ගලයන් අතින් තමයි වැඩිපුර රිය අනතුරු වලට ලක් වී තිබෙන්නේ. පසුගිය අවුරුදු වල පාසල් රිය ධාවන පුද්ගලයන් දාහක් පමණ ලියාපදිංචි කරලා රෝහල් ව්‍යාපෘතයක් සැකසුවා. 

ඔවුන්ගේ ඇස් පරික්ෂා කරලා බැලුවා. බොහොමයක් දක්නට ලැබුණේ දෘෂ්ඨී ආබාධ. ඒ කියන්නේ එයාලගේ දුර නොපෙනීම. කොහොමත් වයස අවුරුදු 40 න් පසු ළඟ පෙනීම අඩු වෙනවා වගේම ඊට  අමතරව දුර පෙනීම අඩු යි. එවැනි පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි පැළඳ පෙනීම ලැබු පසු හොඳින් රිය ධාවනය කරන්න පුළුවන්. ඊළඟට ඇසේ සුද ඒම නිසා පෙනීමේ දුර්වල පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් හිටියා. අපි එවැනි අයව ඇස් ශල්‍යකර්මයක් සිදු කර කාචයක් දමලා පෙනීම ලබා දුන්නා. ඊට අමතරව තිබුණා ග්ලෝකෝමා කියන රෝගී තත්ත්වය. වයසින් වැඩි පුද්ගලයන්ට මැදි වයසේ පුද්ගලයන්. ග්ලෝකෝමා කියන තත්ත්වයේ දී වෙන්නේ ඇසේ පෙනිමේ පරාසය අඩුයි. එයාලාගෙන් රිය අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩියි. මොකද දෙපැත්ත නොපෙනීම නිසයි. නිතර නිතර රිය අනතුරු සිදුවන තත්ත්වයක් තමයි හඳුනානොගත් ග්ලෝකෝමා කියන තත්ත්වය.    අපි හිතනවා පෙනීම හොඳයි කියලා නමුත් අනතුරු සිදුවීමට හේතුවක් වෙන්න පුළුවන්. 

රියදුරු බලපතුයක් ලබා ගැනීමේ දී අපි චක්‍ර ලේඛන නිකුත් කරලා තියනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී පෙනීමේ ප්‍රමාණය සම්බන්ධව සැහැල්ලු වාහන වලට වෙනම බර වාහන සඳහා වෙනම තියනවා. එතන දී බර වාහන සඳහා පෙනීමේ මට්ටම සුළු වෙනසක් තියනවා. හොඳ පෙනීමක් අවශ්‍යයි. ඇස් කණ්ණාඩි දමා හෝ නොමැතිව සැහැල්ලු වාහන වල දී යම්කිසි ප්‍රමාණ හයයි නවය, හයයි දොළහ වැනි පරාස තියනවා. මේ තත්ත්වයේ දී සැහැල්ලු වාහන වලට පමණක් ලබා දීමට පුළුවන්. ඇසේ වපරයක් තියන පුද්ගලයෙකුගේ බලන්න අවශයයි ඇස් දෙකම ඇරලා තිබිය දී කොතරම් පරාසයක් අපහසුවකින් බැලිය හැකි ද කියලා. එවැනි ඇස් පරික්ෂා කරලා බලලා හොඳ මට්ටමේ තියනවා නම් රියදුරු බලපත්‍රය අනුමත කරන්නේ. ඒ වගේම ඇස භාවිත කරන්න පුළුවන් කොපමණ හැකියාව පරික්ෂා කළ යුතුයි. එතන දී දුර පෙනීමේ තත්ත්ව හොඳ ද නැත්නම් රියදුරු බලපත්‍රය අනුමත කිරීම සිදු නොවෙයි. 
ඇස් දෙකේ පෙනුම පමණක් නොවේ ඇසේ පරාසයක ද වැදගත් වෙනවා. ඇසේ පෙනුම නිවැරදිව තිබීම තුළ සිදුවිය හැකි අනතුරක් නිවැරදිව තිබීම තුළ දිදුවිය හැකි අනතුරක් වළක්වා ගැනිමේ හැකියාව තියනවා. 

ඉදිරියට එන වාහනය පේනවා නම්, පැත්තෙන් එන වාහන, හතරමං හංදිය එය වාහන, තමන්ට ඉස්සර කරගෙන යන වාහන, ඔවර්ටෙක් කරන වාහන පෙනීම ඔනී. එවැනි දේවල් වල දී ඇස් පෙනීම වැදගත්. සමහරු රිය ධාවනව කරනවා නිවැරදි රියදුරු බලපත්‍රයක් නොමැතිව පෙනීමේ අඩුකම ඇති පුද්ගලයන් රිය ධාවනය සිදු කරනවා. හැබැයි නියම විදියට රියදුරු බලපත්‍රය අනුමත කරන්නේ නියම මට්ටමේ පෙනීම තිබෙනවා නම් පමණයි. දැන් පවතින නීති වලට අනුකූලව.

මහේෂානි මීගහපොල
 

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Previous

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Next

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

Realted Post

Leave a comment