ලිංගික හිංසා කරන්න හිතෙන්නෙ ඇයි?

දිනක් කාන්තාවක් එනවා ගුද මාර්ගයේ තුවාල සහිතව, එම තුවාලවලට මැහුම් දමා තිබුණා. ඇය ඇඬූ කඳුළින් සිටියේ. ඒ වගේ ඇයගේ ශරීරයේ තුවාල දැක ගන්න තිබුණා. ඒ සැපීම් තුවාල. ඇය ඇඬීම නතර කරන තෙක් බලා හිඳ මා ඇය හා කතාවට යොමු වුනා.

ඇය කියනවා ඇයගේ සැමියා ලිංගික ක්‍රියාවලියේදී තිරිසනෙක් මෙන් හැසිරෙනවලු‍.
දස වද දෙනවලු‍. තුවාල කරනවලු‍. කොතෙක් මඟහරින්න තැත් කළත් ඔහු ඇයට මිදෙන්න දෙන්නේ නැතිලු‍.
මම සැමියා සමගද කතා බහක යෙදුණා. ඔහු ඒ පිළිබඳව ප්‍රකාශ කළේවත් මා දන්නා බවවත් ඇඟවූයේ නැත.
ඔහුට හිතෙන දේ දැනෙන දේ ඔහුට ප්‍රකාශ කරන්න ඉඩ දුන්නා.
ඔහු මා හා විශ්වාසය ගොඩනඟාගෙන ඔහුට තිබුණු මානසික පීඩාකාරී තත්වය ප්‍රකාශ කරන්න වුණා.
ඔහුට කාන්තාවන්ට හිංසා කරන්න හිතෙනවලු‍. එසේම කාන්තාවන්ගේ ලේ දකින්න ආසයිලු‍. මේ සියල්ල ඔහුට විඳින්න අවශ්‍ය නිදි යහනේදී පමණයිලු‍.
මම ඔහුගේ කුඩා අවධීය ගැන විමසුවා. ඔහුගේ පාසැල් දිවිය ඔහුගේ පවුල් පසුබිම ආදිය.
ඔහු සියල්ල මුල සිට පවසන්න පටන් ගත්තා.

මගේ තාත්තා මම කුඩා කළ සිටම පිටරට රැකියාව කරන්නේ. ඔහු අවුරුදු දෙකකට වතාවක් ගෙදර එන්නේ.
ඉතිං මට තාත්තගේ අඩුව දැනෙනවා. ඒවගේම මමයි අම්මයි විතරයි දෙමහල් නිවසේ ජීවත් වුණේ.
තාප්පවලින් වෙන්වූ නිවාස සංකීර්ණයක් මට වයස අවුරුදු 10 දී අම්මාගේ නිදන ඇඳ උඩ අල්ලපු ගෙදර අංකල් ඉන්නවා දැක්කා. දෙදෙනාම හිටියේ නිරුවතින්. ඉතිං එදා පටන් මගේ හිතේ මොකක්දෝ පීඩනයක් ඇති වුණා. නිතරම තරහ ගත්තා. මේ සිද්ධිය මම කිහිප වතාවක්ම දකිනවා. නමුත් මම ඒ දේ තාත්තට කියන්න ගියේ නැහැ.
මම කොහොම හරි අධ්‍යාපනය නිම කරලා බැංකු කළමනාකරුවෙක් වුණා. ඉතිං මම විවාහ වුණත් මට අර අම්මගේ සිදුවීම් මතක් වෙනවා.
දැන් තාත්තා ඇයත් සමග ලංකාවේ ජීවත් වෙනවා. ඉතිං මට සිදුවන දේ මම දන්නෙ නැහැ.
'ඉතිං ඔහුට මේ හිංසාමය ලිංගික හැඟීම යන මානසික පීඩනය ඇතිවෙලා තියෙන්නේ මවගේ සිද්ධිය නිසා. කෙනෙකුට මෙම මානසික පීඩනය ඇතිවීමට හේතු වශයෙන්  කුඩා කාලයේ ඇති වන අපයෝජන. කුඩා කාලයේ සමීපතමයකුගේ ලිංගික ක්‍රියාවන්.
ලිංගික දර්ශනයන් නැරඹීම
යනාදී කරුණු රැසක් ගෙනහැර දැක්විය හැකිය. ඔවුන්ට ප්‍රතිකාර වශයෙන් මනෝ ප්‍රතිකාර ක්‍රමයක් වන ප්‍රජානක චර්යා හැඩ ගැස්වීම් ක්‍රම ශිල්ප යොදා ගනු ලබනවා.

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Previous

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Next

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

Realted Post

Leave a comment