ස්ට්‍රෙච් මාක්ස් වදයක් වෙලාද?

ගැහැනුු පිරිමි භේදයකින් තොරව පොදුවේ මුහුණ දෙන ගැටලුවක් ලෙස සමේ ඉරි සහිත පැල්ලම් නැතිනම් ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීම හඳුන්වන්න පුළුවනි. විශේෂයෙන් මේ ගැටලුව නිසා කාන්තාවන් වැඩිදෙනකු අපහසුතාවට පත්වන්නේ ලස්සන පෙනුමට හානියක් වන නිසයි. ඉණ ප‍්‍රදේශයේ මෙවැනි කැළැල් ඇති කාන්තාවක් නම් සාරියක් හෝ ඉණ ප‍්‍රදේශය විවෘතවන සේ අඳින ක්‍රොප්ටොප් වැනි විලාසිතාවකදී තමන් බලාපොරොත්තු වන ආකර්ෂණය ලබා ගැනීමට එය බාධාවක් විය හැකියි. ඒ විතරක්ම නොවෙයි, අත්කැපූ ඇඳුම් විලාසිතාවක් සහ සිරුර වැඩිපුර විවෘත වන සේ අඳින  ඕනෑම ඇඳුමක් විශ්වාසයෙන්, සැහැල්ලුවෙන් ඇඳීමටත් මෙවැනි කැළැල් බාධාවක් වෙනවා. වැඩි වශයෙන් ගර්භිණී සමයෙන් පසුව සම ඇදීම නිසා උදරයේ සහ ඉණ දෙපස දකින්නට ලැබෙන මේ කැළැල් ඉවත් කර ගැනීමට වැඩිදෙනෙක් උනන්දුවන නිසාම ස්ට්‍රෙච් මාක්ස් අඩුකර ගන්නේ කෙසේදැයි බලමු.  
මොනවද මේ ස්ට්‍රෙච් මාක්ස්?
අපේ සම නිර්මාණය වී තිබෙන්නේ අපිචර්මය සහ චර්මයෙන්. මේ චර්මයේ කොලැජන්වල ඇතිවන ඉරීමක් ස්ට්‍රෙච් මාක්ස් ලෙස හඳුන්වනවා. විවිධ අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් සම මතුපිට දැකගන්න පුළුවන්, විශේෂයෙන් උදරය, ඉකිළි සහ කිහිළි ආශ්‍රිතව, කකුල්වල කෙණ්ඩා ප‍්‍රදේශයේ සහ ඉණ ප‍්‍රදේශයේ මෙවැනි ඉරි සහිත පැල්ලම් දකින්න ලැබෙනවා. මෙය වැඩිපුරම දකින්න ලැබෙන්නේ කාන්තාවන්ගේ. ඒ පිරිමි පුද්ගලයෙකුට සාපේක්ෂව කාන්තාවන්ගේ සිරුරේ විවිධ වෙනස්කම් ඇතිවීමේ ප‍්‍රවණතාව වැඩිවන නිසයි.
ස්ට්‍රෙච් මාක්ස් හැදෙන හේතු 
ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීමට අධික ස්ථුලභාවය, සිරුර අධික ලෙස කෙට්ටුවීම, ගර්භිණීභාවය සහ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන විවිධ වෙනස්වීම් හේතුවෙන්න පුළුවන්. එහෙත් දැන් එවැනි පැල්ලම් හිතට වදයක් කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. එයට හේතුව මේ වන විට ඒ සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම ඕනෑ තරම් තිබෙන නිසයි.
ප‍්‍රතිකාර
ඒ සඳහා පිරිසුදු පොල්තෙල් හා ඔලිව් තෙල් සමාන ප‍්‍රමාණයෙන් ගෙන කලවම් කර කැළැල් සහිත ප‍්‍රදේශයේ ආලේප කර, හොඳින් සම්භාහනය කරන්න. ඉතා හොඳ ප‍්‍රතිඵල සඳහා දිගුකාලීනව ආලේප කරන්න. මේ සඳහා පිරිසුදු ඔලිව් තෙල් සහ පොල්තෙල් භාවිත කළ හැකි නම් වඩාත් හොඳ ප‍්‍රතිඵල ගන්න පුළුවනි.
සමේ ඇතිවන ස්ට්‍රෙච් මාක්ස් ලේසර් ප‍්‍රතිකාර මගින් සහ ඒ සඳහාම නිෂ්පාදිත ප‍්‍රමිතියෙන් උසස් ආලේපන වර්ගවලින්ද, මයික්‍රෝ ත්‍රෙඩින් සහ ස්වාභාවික ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් දැන් හුඟක් තරුණියන් මේ අතරින් වඩාත් ප‍්‍රිය කරන්නේ ස්වභාවික ප‍්‍රතිකාරවලටයි. ඒ බොහෝවිට ස්වාභාවික සත්කාරවලින් සමට සිදුවන හානිය අවමවන නිසයි.
ස්වභාවික ප‍්‍රතිකාර
ස්ට්‍රෙච් මාක්ස් අවම කරගැනීම සඳහා භාවිතා කළ හැකි ස්වාභාවික ප‍්‍රතිකාර අතර නිවෙසේදීම
 සාදාගත හැකි මෙම ස්ක‍්‍රබ් එක මඟින්ද ස්ට්‍රෙච් මාක්ස් අවම කරගන්න හැකියාව තිබෙනවා. ඒ සඳහා තවත් සාර්ථක ස්වාභාවික ප‍්‍රතිකාරයක් ලෙස කෝපි කුඩු, දෙහි බින්දු කිහිපයක්, දුඹුරු සීනි ඔලිව් ඔයිල් එකතු කර, ස්ක‍්‍රබ් එකක් සාදාගෙන ස්ට්‍රෙච් මාක්ස්  ඇති ප‍්‍රදේශය හොඳින් ස්ක‍්‍රබ් කරන්න. 
පසුව ආලේප කරගත් ස්ක‍්‍රබ් එක ඉවත් කරගත් පසු යෝගට්, පිරිසුදු කහ කුඩු, ඔලිව් තෙල්, හොඳින් කලවම් කර සාදාගත් පැක් එක එම කැළැල් මත ආලේප කර විනාඩි 20ක් තබා, මඳ උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. අවම වශයෙන් සතියකට දෙවතාවක්වත් මෙම සත්කාරය සිදු කරන්න. 
බිත්තර සුදුමදයද, ආලේප කර විනාඩි 20 ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කිරීමද ස්ට්‍රෙච් මාක්ස් අවම කරගැනීමට හොඳ සත්කාරයක්.
                                            
                                                    
                                                    
                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
Leave a comment