සුරාන්ත අක්‍රමතා

ලිංගික අක්‍රමතා යටතට වැටෙන තවත් අක්‍රමතාවක් තමයි සූරාන්ත අක්‍රමතා. සුරාන්තය වීම ගැහැනු/පිරිමි වෙන වෙනම ලබන ආශ්වාදයකි. ලිංගික අක්‍රමතා වලදි  අප කතා කළා කාන්තා සුරාන්ත අක්‍රමතා ගැන. අද අපි කතා කරමු පිරිමි සුරාන්ත අක්‍රමතා ගැන.

ලිංගික ක්‍රියාවලියේදී පුරුෂයා ලිංගික සුරාන්තයට පත්වීමට ක්‍රියාවලීන් ප්‍රමාණවත් ලෙස සිදු වුවත් ලිංගිකව තෘප්තිමත් වීමට සුරාන්තයට ළඟාවීමට අධික කාලයක් ගත වේ.

  • පිරිමි සුරාන්තයට පත් නොවීමට හේතු

ජීව විද්‍යාත්මකව බලන විට ටෙස්ටොස්ටෙරෝන් පිරිමි ලිංගික හෝමෝනය පහළ මට්ටමක පැවතීම.
යම් ස්නායු ආබාධ පැවැතීම.
හිසට හෝ කොඳුඇට පෙළට හානි සිදුව තිබීම.
දියවැඩියාව
මානසික අක්‍රමතා
අධික රුධීර පීඩනයට ඖෂධ ගනී නම්.
අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිත කිරීම
ඔහු සුරාන්තයට පත්වීම ප්‍රමාද කරයි.

මේ සඳහා වෛද්‍ය උපදෙස් මත පිරිමි ලිංගික හෝමෝනය වැඩිකර ගැනීමට ක්‍රම කිහිපයක් ලෙස,
ශරීරයේ මේදය අඩුකර ගැනීම.
මාංසපේශි වර්ධනය කරගැනීම.
ව්‍යායාම් කිරීම (ඇවිදීම, දිවීම වැනි)
ලිංගික හෝමෝනය වර්ධනය කර ගැනීමට ප්‍රෝටීන් අධික ආහාර ලබා ගැනීම.
හොඳ නින්දක් ලබා ගැනීම. (රාත්‍රී කාලයේ මෙම හෝමෝනය වර්ධනය වේ.)
මානසික අක්‍රමතාවලින් මිදීම.
විවේකය ලැබීමයනාදිය දැක්වීමට පුළුවන.

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  87 වන උපාධි ප්‍රදානෝත්ස්වයේදී ,වෛද්‍ය  පීඨ සිසුවියක් රන් සම්මාන   05  ක්  හිමිකර ගනී. Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්ස්වයේදී ,වෛද්‍ය පීඨ සිසුවියක් රන් සම්මාන 05 ක් හිමිකර ගනී.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  87 වන උපාධි ප්‍රදානෝත්ස්වයේදී ,වෛද්‍ය  පීඨ සිසුවියක් රන් සම්මාන   05  ක්  හිමිකර ගනී. Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 87 වන උපාධි ප්‍රදානෝත්ස්වයේදී ,වෛද්‍ය පීඨ සිසුවියක් රන් සම්මාන 05 ක් හිමිකර ගනී.

Realted Post

Leave a comment