හැරගිය අය ගෙන්වා ගන්න මෙහෙම කරන්න.

ඔබේ සහෘදයින් ඔබෙන් වෙන් වී යාමට විවිධ හේතූන් තියෙන්න පුළුවන්. ඔවුන්ව නැවත ගෙන්වා ගැනීමට ඔබ විවිධ දේවල් කරනවා ඇති. සිරිකත Online DR ඔබයි තුළින් මෙවර කතාබහට ලක්වන්නේ මේ පිළිබඳවයි. ඒ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය වසන්ත ගුණතුංග මහතාත් සමඟයි. 

ඔබේ බිරිඳ, සැමියා එහෙම නැතිනම් තමන් ආදරය කරන ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා ඔබව අතහැර ගිය අවස්ථා ඇති. නැත්නම් ඉදිරියේ දී ඔබට එවන් දෙයකට මුහුණ දීමට සිදුවන්න පුළුවන්. එම මොහොතේ දී අප ඔවුන් ගෙන්වා ගැනීමට පෙර ඔවුන් ඔබව හැරයාමට හේතුවන කරුණු පිළිබඳ සොයා බැලීම ඉතා වැදගත්. 

එසේ හැරයාමට හේතු මොනවා ද? 

තමන් එකතු වෙලා ඉන්නේ තමන්ට ජීවත් වීමට නොගැළපෙන කෙනෙක් සමඟ වෙන්න පුළුවන්. මෙහි දී ඔවුන්ගේ සිතුම් පැතුම්වල තිබෙන නොගැළපීම ඊට බලපානවා. අපිට තවත් කෙනෙක්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න බැහැ. ජීවිත කාලය පුරාවටම උත්සාහ කළත් අපට වෙනස් කළ හැක්කේ පොඩි කොටසක් පමණයි. 

තමන්ගේ සහකරු හෝ සහකාරිය තමන්ට සමාන්තරව සිතන්නේ නම් ඒ තුළ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. සමාන සිතිවිලි ගැටුම් ඇතිවීම වළක්වනවා. දෙදෙනාගේ සිතීම ප්‍රතිවිරුද්ධ නම් නිතර නිතර රණ්ඩු දබර ඇති වීමට පටන් ගන්නවා. 

තමන්ට අනික් කෙනා වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන්  නම්, ඕනෑ එපාකම් සොයා බලන්න පුළුවන් නම්, මෛත්‍රියෙන් කතාබහ කරන්න පුළුවන් නම් ඒ තුළත් ප්‍රශ්න අඩුයි. අපි අනික් කෙනාව සෑම විටම සතුටින් තියන්න ඕනි. 

කෙනෙක් තමන්ව හැරයන්නේ තමන්ගේම ඇති අඩුපාඩුවක් නිසා වෙන්න පුළුවන්. මුලින් ම තමන්ගේ අඩුපාඩු හදාගන්න. තමන්ගෙන් පටන්ගෙන අනිත් කෙනා දිහා බැලුව නම් මේ ගැටලුව විසඳා ගන්න පුළුවන්.

උපුටා ගැනීම - සිරිකත Online DR ඔබයි

සටහන - සහශ්‍රිකා දයානන්ද

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Previous

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

ගම්පොළ ඛේදවාචකය Read Next

ගම්පොළ ඛේදවාචකය

Realted Post

Leave a comment