Trust Sri Lanka කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව

Trust Sri Lanka විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව 2023 ජුලි 04 වන දින ප.ව. 1.30 ට නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය.

මෙහි දී
 * 'ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම සහ ණය ඇගයීම' සම්බන්ධ දේශනය -  ලංකා බැංකුව නියෝජනය කරමින් එන්.ඩබ්ලිව්. වසන්ත මහතා විසින් ද,

* 'අපනයන කළමනාකරණය සහ ඒ සඳහා පවතින අවස්ථා' සම්බන්ධ දේශනය - වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සමීර මහතා විසින් ද,

* 'කුළුබඩු කර්මාන්තය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර' සම්බන්ධ දේශනය - රාජ්‍ය කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් ද,

* Trust Sri Lanka සංවිධානය පිළිබඳ හැඳින්වීමේ දේශනය - එහි සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් ද,
* 'අපනයන ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා සොයාගැනීම සහ ඉන් ඉදිරියට ගමන් කිරීම' සම්බන්ධ දේශනය - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක සභා සාමාජික සමන් ශ්‍රී ලාල් මහතා විසින් ද,

* 'කාන්තා ව්‍යවසායකත්වය' සම්න්ධ දේශනය -  කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ලක්ෂ්මි ජයසිංහ මහත්මිය විසින් ද, 

සිදු කරන ලද අතර, මේ අවස්ථාවට එක් වූ කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු සම්බන්ධ සාකච්ඡාමය සංවාදයක් ද පැවැත්විණ.

 

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Next

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Realted Post

Leave a comment