කුමරියන් ඔටුනු පැළඳූ කැලීන් කුමරිය 2024

විජය පුවත්පත් සමාගමේ සිරිකත පුවත්පත විසින් සංවිධානය කරන ලද කැලීන් අවුරුදු කුමරිය 2024 පසුගියදා මහනුවර කැන්ඩි සිටි සෙන්ටෙර් හි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. දහස් ගණනින් පැමිණි අයදුම්පත් අතුරින් අයදුම්පත් 200යක් තෝරා  තෝරා ගනු ලැබූ අතර ඒ අතරින් 50ක් ද පසුව අවසන් වටය සදහා 25 දෙනෙක් තේරී පත් විය. අවසන් විසි පස් දෙනා තෝරා ගැනීමේ වටය අලදෙණිය ඩෙල්මා මවුන්ට් වීව් හෝටල් පරිශ්‍රයේ පැවැත්විණ.

අවසන් මහා තරගය පසුගිය අප්‍රේල් 7 වැනිදා  මහනුවර කැන්ඩි සිටි සෙන්ටෙර් හි පැවැත්වූ අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. කැලීන් අවුරුදු කුමරිය තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය ලෙස ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර, ප්‍රවීණ රූපලාවනි ශිල්පී ජොනි ගුණසේකර, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත  ප්‍රනාන්දු, ප්‍රවීණ රූපලාවන් ශිල්පී කාවින්ද්‍ය ලෙස්ලි, මිස් ශ්‍රී ලංකා 2000දිල්හානි දේදුණු මහත්මිය,  ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ඉන්දුමාලා රාජපක්ෂ, සහ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී මංජුල හරස්ගම යන අයවලුන් එක්ව සිටියා. 

කැලින් අවුරුදු කුමරිය 2024 ප්‍රථම ස්ථානය මහනුවර සිට පැමිණි සඳලිමා තෙන්නකෝන් දිනාගත් අතර, දෙවන ස්ථානය මහනුවර සිට සහභාගි වූ තරුණ්‍යා බණ්ඩාර හිමි කර ගන්නා ලදී. එහිදී තෙවැනි ස්ථානය මතුගම සිට සහභාගි වූ රුවනාරා ෂෙහානි හිමි  කරගන්නා ලදී.  

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේ කැලීන් ආයතනය වන අතර සම අනුග්‍රාහකත්වයන් ලෙස කැන්ඩි සිටි සෙන්ටර්, ඩෙල්මා මවුන්ට් වීව් හොටෙල්, ලස්සන ෆ්ලෝරා / ලා ට්‍රීට්ස් , තිලංකා හොටෙල්, දිල් ටීවී සහ ඩිමැක්ස්. 

මේ අවස්ථාව සඳහා, ගරු සභාපති ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමේ එල් ජී පියනන්දමයා, ඩෙල්මා ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා එම් කේ කේ මිදිපොළවත්ත මහත්මිය, කැලීන් කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගොඩකන්ද මයා, කැලීන් අධ්‍යක්ෂිකා චතුරිකා ජයසේකර මහත්මිය, ඩෙල්මා මවුන්ට් වීව් හොටෙල් අධ්‍යක්ෂිකා මදුෂා ගොඩකන්ද මහත්මිය, කැලීන් සාමාන්‍යාධිකාරිණී රේණුකා පෙරේරා මහත්මිය, කැලින් ප්‍රධාන ගණකාධිකාරි අනුර දිසානායක මයා, කැලින් ජාතික අලෙවි කළමානාකරු සුදාරක චිරන්තන මයා, ඩෙල්මා මවුන්ට් වීව් හොටෙල් කළමනාකරු සුරන්ගග මැද්දේගොඩ මයා, මධ්‍යම පොලිස්පති මහින්ද දිසානායක මයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ජානකී කුමාරී සෙනෙවිරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මයා, විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජනක රත්න කුමාර, ඉන්දික ජයමහ (දැන්වීම් ප්‍රධානි ) ලංකා ප්‍රදීප් (Head of Digital Operations) සිරිකත ප්‍රධාන කර්තෘ අශන්ති වර්ණසූරිය මහත්මිය විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරිණී දැන්වීම් හා බෙදාහැරීම් තනුජා දොඩම්වල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.  


සටහන - කසුනි විජේසිංහ

MY STYLE  with  ශාලිකා Read Previous

MY STYLE with ශාලිකා

MY STYLE with   ටනාෂා Read Next

MY STYLE with ටනාෂා

Realted Post

Leave a comment