සයුරේ තැනූ ’’මාරියා ’’ ඔන්න තිරය කැළඹුවා

මහා සාගරයේ කුණාටු මැද ජීවිතය සොයා යන ඔවුන් සහ ඇය...'මාරියා - "The Ocean Angel" ඔන්න තිරය කැළඹුවා... 

 

බොහෝ දෙනෙක් මාරියා චිත්‍රපටය ගැන කතා කරනවා.

ඒ විශේෂත්ව කීපයක් හින්දා. මෙරට සිනමා ඉතිහාසයේ තුළ සයුරක් මැද සියලු රූපගත කිරීම් සිදුකරමින් නිමකළ ප්‍රථම සිනමා නිර්මාණය තමයි මාරියා. 

මහේන්ද්‍ර පෙරේරා, හේමාල්, අෂාන්, දසුන්, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක ඇතුළු පිරිස බොහොම අපූරුවට මාරියා චිත්‍රපටයේ තම චරිතය ප්‍රේක්ෂකයින් අතර රඳවද්දී දර්ශන ධර්මරාජ් ගැන අමතක කරන්නම බැහැ. 

මාරියා" චිත්‍රපටය පසුගිය නොවැම්බර් 21 වන දින සිට දිවයින  පුරා සිනමා ශාලාවන් හී තිරගත වීම ආරම්භ වුණා. එහි කලඑළි බැසීම පසුගිය 21 වනදා උත්කර්ශවත් ලෙස සිදු වුණා.  

මේ චිත්‍රපටයේ නිළියක් නැහැ. එමෙන්ම මෙහි රඟපෑව නළුවන් සියලු දෙනා හොඳම නළුවන් ලෙස අන්තර්ජාතිකව සම්මානද දිනාගත්තා. 

මෙහි තිරපිටපත් රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා වන්නේ අරුණ  ජයවර්ධනයි. 

අරුණ නිකිණි වැස්ස, 1970 love story, Happy birthday, තිරගත වීමට නියමිත ධර්මයුද්ධය 2 වැනි සිනමා පටයන් නිර්මාණය කළා. 

මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන්  චන්න දේශප්‍රිය, දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සහය අධ්‍යක්ෂණයෙන්  දමින්ද ඩී මඩවල, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ් , දසුන් පතිරණ සහ සුරන් දසනායක  දායක වුණා.

ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන, ශබ්ද සැලසුම්කරණයෙන් ශෂික රුවන් මාරසිංහ, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, නිෂ්පාදන සැලසුම්කරණයෙන් අංජලී බුදවත්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් ගිහාන් පෙරේරා, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් මල්කි විජේමාන්න ඇතුළු පිරිසක් එක්ව ඇති " මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනය ලෙසින් තිරයට එක්වනවා. 

සටහන - කසුනි විජේසිංහ 

කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් Read Previous

කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක්

ReXtro 2025 Read Next

ReXtro 2025

Realted Post

Leave a comment