රසට ගුණට කන්න ආස ඔයාට

ග්‍රීන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ පාට පිපිඤ්ඤා ග්‍රැම් 100 ක්
  • කොළ පාට ඇපල් ගෙඩි 1 ක්
  • සලාද කොළ ග්‍රෑම් 50ක්
  • කොළපාට බෙල් පෙපර් ග්‍රෑම් 50ක්
  • කොළපාට මිදි ග්‍රැම් 50 ක්
  • අවශ්‍ය පමණට ලුණු
  • ගම්මිරිස් තේ හැඳි 1ක්
  • කෝන් ඔයිල් මේස හැඳි 1ක්
  • දෙහි ගෙඩි 2 ක යුෂ
  • සීනි තේ හැඳි 1ක්

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම පිපිඤ්ඤා, බෙල් පෙපර්, මිදි, ඇපල් සිහින්ව කපාගන්න. සලාද කොළද පොඩිවට කපාගන්න. ඉන්පසු ලුණු, ගම්මිරිස්, සීනි, තෙල්, දෙහි එකට දමා හොඳින් කවලම් කර කපාගත් සියලුම ද්‍රව්‍ය සමග හොඳින් මිශ්‍ර කර කෑමට පිළිගන්වන්න.

තක්කාලි වලින් රූ සත්කාර Read Previous

තක්කාලි වලින් රූ සත්කාර

සුදු මැණිකෙලා දෙන්නෙක් Read Next

සුදු මැණිකෙලා දෙන්නෙක්

Realted Post

Leave a comment