අල කන්න අකමැති නම් මෙහෙම කාලා බලන්න

අර්තාපල් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ග්‍රෑම් 300 ක්
  • ලුනු ග්‍රෑම් 50 ක්
  • පාස්ලි ග්‍රැම් 20ක්
  • අමු මිරිස් කරල් 3 ක්
  • මෙයොනිස් මේස හැඳි 3 ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
  • විනාකිරි ස්වල්පයක්
  • අවශ්‍ය පමණ ලුණු

සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම අල පොතුහැර කුඩා කැබලි වලට කපාගන්න. පසුව එය හොඳින් තම්බාගන්න. ඉන්පසු ලුනු සිහින්ව කපාගෙන එයට විනාකිරි ස්වල්පයක් එකතු කර තම්බාගන්න. පසුව පාස්ලි සහ අමු මිරිස් ද සිහින්ව කපාගන්න. ඉන්පසු අල සහ අනෙකුත් ද්‍රව්‍ය ද එකට දමා එයට මෙයොනි ද එකතු කර කවලම් කරගන්න. පසුව ශීතකර පිළිගන්වන්න.

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න 

ඉෂංකා ජයසූරිය 

2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේදී ගුවන් හමුදාව අණසක පතුරුවයි Read Previous

2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේදී ගුවන් හමුදාව අණසක පතුරුවයි

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට Read Next

ඉදිරි දිනවලත් තද වැසි, ගංගා ජල මට්ටම් ඉහළට

Realted Post

Leave a comment