වට්ටක්කා සහ චිකන් ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා කැබලි කෝප්ප 1 ක් (තම්බාගත්)
  • තම්බාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1/45
  • ලුණු හා ගම්මිරිස් කුඩු
  • රතුලූනු ගෙඩි කිහිපයක් (චොප්කරගත්)
  • සුදුලූනු බික් 2ක් (චොප්කරගත්)
  • බටර් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

තම්බාගත් වට්ටක්කා පොතු ඉවත්කර බ්ලෙන්ඩරයට දමාගන්න. පසුව මෙයට චිකන් එකතු කර ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු පෑන් එකකට බටර් ටිකක් දමා ලූනු, සුදුලූනු තෙම්පරාදු කරගන්න. වට්ටක්කා චිකන් ක්‍රීම් එකතු කර උකු වැඩි නම් උණු වතුර හෝ චිකන් ස්ටොක් ස්වල්පයක් දමාගන්න. ඉන්පසු හොඳින් හැඳිගාමින් ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව එකතු කරගන්න. අවශ්‍ය නම් ලූනු කොළ ස්වල්පයක් කපා උඩින් දමාගන්න

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

සටහන - ඉෂංකා ජයසූරිය

සියලු ජාතීන්ට සෙත සලසන රුවන්වැලි සෑ පුදබිම Read Previous

සියලු ජාතීන්ට සෙත සලසන රුවන්වැලි සෑ පුදබිම

අද කාලගුනය මෙහෙමයි Read Next

අද කාලගුනය මෙහෙමයි

Realted Post

Leave a comment