ඊළඟට සිංදු කියන්න පටන් ගන්නවා

 

පුංචි තිරයේ මේ දිනවල දක්නට ලැබෙන අලුත් මුහුණු අතර වගීෂා සල්ගාදු වැඩි පේ්්‍රක්ෂක අවධානයක් දිනා සිටින රංගන ශිල්පිනියකි. මෙවර සිරිකත කවරය හැඩ කරන්නේ ඇය සහ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් චතුරංග ය. 

 


වගීෂා මේ දවස්වල ඉන්දියාවට වෙලා මොකද කරන්නේ?
ඉන්දියාවට ඇවිල්ලා දැන් සතියක් විතර වෙනවා. කලා කටයුත්තට ආවේ. 

 


ඒ කියන්නේ වගීෂාව ඉදිරියේදි භාරතයෙන් දැකගන්න ලැබේවිද?
අනිවාර්යෙන්ම. අලුත් අලුත් දේවල් එක්ක දැකගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. 

 


මේ දිනවල මොනවද අලුත් කලා කටයුතු?
මම දායකවෙන නාට්‍ය 3 ක් විකාශය වෙනවා. ළංවී නම් පසුගිය දිනවල විකාශය අවසන් වුණා. ඒත් එක්කම ඉදිරියට නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා දිවිතුරා, රාජිනි මේ දිනවල විකාශය වෙනවා. 

 


ළංවී ටෙලි නාට්‍යයේ “රසාංගා” කියන්නේ ප්‍රේක්‍ෂකයෝ ඇබ්බැහි කරවපු චරිතයක් නේද? 
මේ නිර්මාණය මගේ ජීවිතේට විශේෂ වුණු නිර්මාණයක්. ඉරෝන් සහ සාරංගා චරිත තාත්වික විදිහට රඟදක්වනවා කියලා බොහෝ දෙනෙක් කිව්වා. අහන ප්‍රශ්නය තමයි මායි සචින් චතුරංගයි සැබෑ ජීවිතේ පෙම්වතුන්ද කියලා. 

 


ඇත්ත ජීවිතේ පෙම්වතුන්ද කියලා අහන අයට දෙන්න උත්තරයක් තියෙනවද?
අපි දෙන්නා අතර එහෙම සම්බන්ධතාවක් නැහැ. අපි දෙන්නා හොඳම යාළුවෝ විතරයි. පෙම්වතුන් වෙන්නේ කැමරාව ඉදිරියේ විතරයි.

 


සිනමාව පැත්තෙන් මොනවද අලුත් වැඩ? 
අලුත් චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. තව චිත්‍රපටයක වැඩ ආරම්භ කිරීමට නියමිතයි. 

 


වගීෂා ගේ කලා ගමන ආරම්භ වෙන්නේ කොතැනින්ද?
ඉස්සෙල්ලාම ළමා නිවේදිකාවක් විදිහට තමයි ක්ෂේත්‍රයට එන්නෙ. මගේ පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුතුමිය ඉන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ගෞරවයෙන් මතක් කරනවා. ඇය තමයි මගේ හැකියාව අඳුනගෙන වේදිකා නාට්‍ය පැත්තට යොමු කළේ. එතැනින් පසුව රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ රාජ්‍ය නාට්‍ය උළෙල, යෞවන නාට්‍ය උළෙල ආදී නාට්‍ය උලෙළ සඳහා එක්වුණා. 2015 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නිළිය සම්මානය ලැබුණෙත් මටයි.

 


ගීත ගයන්නත් පුළුවන් නේද? 
මගේ තාත්තා සංගීතඥයෙක්. ඒ නිසා ගෙදරින් පුංචි කාලේ ඉඳලා සංගීතයට ලොකු නැඹුරුවක් තිබුණා.
දැන් මම සංගීතය පැත්තට යොමු වෙලා ඉන්නේ. ඉස්සරහට ගීත ගායනයෙන්, ගීත රචනයෙන් වැඩ ටිකක් එන්න තියෙනවා. 

 


තාම අධ්‍යාපනය හදාරනවද?
ඔව්, මම මනෝ විද්‍යාව හදාරනවා. 


 

 

කැමති සුදු චරිත වුණාට ලැබෙන්නෙම කළු චරිත 
සචින් චතුරංග 

 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
අලුත් වැඩ කිහිපයක්ම ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව පාර දිගේ රූපගතකිරීම්වලට සම්බන්ධ වෙනවා ‘මන්දාරම් කොළඹ’ කියලා තව අලුත් නාට්‍යයක් පටන් ගත්තා. ඒ වාගේම ‘එකසිත දෙතැනක’ කියලා නාට්‍යයකටත් දායක වුණා.  අලුත් චිත්‍රපටයකත් රඟපෑවා.

 


කොහොමද පාර දිගේ ගමන?
ගොඩක් සතුටින් ඒ ගමන යනවා. පාර දිගේ අභියාගේ චරිතයට හුඟක්දෙනා ආදරෙයි. අභියාගේ මෝඩ වැඩවලට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා. 

 


කොහොමද ‘Rawds’  බෑන්ඩ් එකේ වැඩකටයුතු?
  පාර දිගේ සෙට් එක එක්ක අපේ සංගීත කණ්ඩායම ලස්සන ගමනක් යනවා. අපේම කියලා සංගීත රටාවක් සොයාගෙන තමයි අපි මේ ගමන යන්නේ. ටෙලි නාට්‍යය ඇතුළෙන්ම මම, ඉඳුවර, ගයාන් අයියාට එනවා අදහසක් සංගීත කණ්ඩායමක් පටන් ගමු කියලා ඒ අනුව තමයි ඍ්ආි  බිහිවෙන්නේ. 

 


ගායනයට කොහොමද ප්‍රේක්‍ෂක ප්‍රතිචාර?
මාර්තු 13 දා මම තනියම ගිහින් ගීත ගායනා කළ සංගීත ප්‍රසංගය කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වුවා. ලොකු ප්‍රතිචාරයක් ඒ වෙලාවේ මට ලැබුණා. ඒක කියාගන්න බැරි සතුටක්.

 


ගායන හැකියාව පුංචි කාලේ ඉඳලාම තිබුණද?
ඔව් පුංචි කාf් ඉඳලාම ගායනා හැකියාව තිබුණා ඒත් මම ඒක පස්සේ එච්චර පන්නපු කෙනෙක් නෙමෙයි. මම ගායනයට ආස වුණේ හර්ෂණ දිසානායක අයියා නිසා එයාගේ සින්දු අහලා. ඒ වගේම මගේ පියා ගීත රචකයෙක් තාත්තාගේ ලොකු කැමැත්තක් තිබුණා මම සංගීත පැත්තට යොමු වෙනවාට.

 


පුංචි තිරයේ පෙම්වතිය වගීෂාව මුණ ගැහෙන්නේ ළංවී ටෙලි නාටයය හරහාද?
ඔව්.  මම ඇය ගැන දැනගෙන හිටියේ නැහැ. ඇය මෑත කාලයේ බිහිවුණු දක්ෂ නිළියක්. අපි බොහෝම සහෝදරත්වයෙන් ‘ළංවී’ නිර්මාණයට දායක වුණා. එහි රංගනයට අපි දෙන්නාට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාරයක් ලැබුණා. අපේ චරිත හරියට හැඩගස්වපු තිමිල උඩවත්ත ගෞරවයෙන් මතක් කරන්න ඕනෑ ඒ වගේම ළංවී අධ්‍යක්‍ෂවරයා පිළිබදවත් මතක් කරනවා. වගීෂායි මායි කැමරාව ඉදිරියේ පෙම්වතුන් වුණාට ඇත්ත ජීවිතේ හරියට කතා කරලාවත් නැහැ. 
හැබැයි ගොඩක් අය හිතනවා අපි දෙන්නා පෙම්වතුන් කියලා. 

 

 


ඉස්සරහට මොනවද අලුත් වැඩ?
අලුත් වැඩ කීපයක්ම එන්න තියෙනවා. මට ගොඩක්ම ලැබෙන්නේ කළු චරිත. නමුත් මම හුඟක් කැමති නම් සුදු චරිතවලට. කොහොමත් මම චරිතවලට කොටු වෙන්න කැමති කෙනෙක් නෙමෙයි.


නදීශා අතුකෝරළ 
ඡායාරූප සජිව ලක්ෂාන්


 

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ Read Previous

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Next

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

Realted Post

Leave a comment