උමංදාවට අවුරුදු 8යි

හිතනවට වඩා මිනිස්සුන්ට බොහෝ දේ කරන්න පුලුවන්, බවත් ඒ තනි තනිව ආත්මාර්ථයෙන් කරන කටයුතුවලට වඩා සාමූහිකත්වයෙන් කටයුතු කළොත් පමණක් බවත් සමන්තබද්ද හිමියෝ පැවසූහ.

සෘජු නායකත්වයක් වටා ගොඩනැගුණු දෙස් විදෙස් මිනිසුන් සමූහයකගෙ කැපවීමෙන් නිර්මාණය වූ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ඒ සඳහා සැබෑ නිදසුනක් බව ද උන්වහන්සේ පැහැදිලි කළ සේක.  

සියළු මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අවශ්‍ය මග පෙන්වීම සඳහා ආරම්භ වූ උමංදාව ජාතික ව්‍යාපෘතියට, ඊයේ දිනට (2023 12 16 ) වසර අටක් සම්පූර්ණ වූහ. ඒ නිමිත්තෙන්  වැඩසටහන් කිහිපයක් ද සංවිධානය වී තිබූ අතර එදින උදෑසන පටන් ආරම්භ වූ ශ්‍රම පූජා වැඩසටහනෙන් අනතුරුව සවස සම්බුද්ධ වන්දනාව සහ සදහම් දෙසුම පැවැත්විණි.

ඉන්පසුව කිරි අම්මාවරුන් 100 දෙනෙක් සඳහා වූ දේව දානය උමංදාව උත්පලවර්ණ ශ්‍රී විශ්ණු ශාන්ති මණ්ඩපය අභියසදී පැවැත්වු අතර අවසානයේ පැමිණි සිටි සියළු දෙනා හට රාත්‍රී අහාරයද ලබා දීමෙන් පසුව වැඩසටහන නිමාවට පත්කෙරිණි.

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Next

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Realted Post

Leave a comment