උතුර දකුණ යා කෙරෙන මෛත්‍රී සාම පාදයාත්‍රාව..

උතුර දකුණ යා කෙරෙන ලෝක සාමය උදෙසා වූ මෛත්‍රී සාමපාද යාත්‍රාව පෙබරවාරි 07 වන දා තිස්සමහාරාම පුදබිමෙන් ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව මෙම සාම පාද යාත්‍රාව  තිස්සමහාරාමය, රත්නපුර, අනුරාධපුර, කුරුන්දිය හරහා නාගදීප පුදබිම දක්වා වැඩම කිරීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව, තායිලන්තය, ලාඕසය, සහ මියන්මාරයා ආදී කොට ඇති රටවල් හතරක දෙස් විදෙස් ස්වාමීන් වහන්සේලා 50 නමකගේ ගෞරවනීය වැඩමවීමක් සිදුකෙරේ.
මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේකම් මණ්ඩලය විසිනි. මේ අවස්ථාව සඳහා තවත් ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සෘජු මැදිහත්වීමද මේ සඳහා ලැබී ඇත. එතුමාගේ දායකත්වය සහ උපදෙස් අනුව අමාත්‍යාංශ රාශියක් මේ සඳහා එක්ව සිටී.
මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන මෙම මෛත්‍රී පාද යාත්‍රාව අඛන්ඩව කිලෝමීටර් 600කට වැඩි දුරක ප්‍රමාණයක් පාගමනින්ම වැඩම කිරීම සිදු කෙරේ. මෙම ගමනේදී මග දෙපස සිටින බොහෝ ස්වාමීන් වහන්සේලාද සාම පා ගමන සඳහා එක්වීමට නියමිතව ඇත.

  • නයනා උදයංගනී

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Previous

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Next

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

Realted Post

Leave a comment