සූර්යා සමග යළි දකිමු දීඝවාපිය

දීඝවාපී රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් ඓතිහාසික පූජනීය ස්ථානයකි. කකුසඳ, කෝණාගම කාශ්‍යප සහ ගෞතම බුදුරජාණන් වහන්සේලාගේ පාද සංස්පර්ශනය ලද මෙම පුණ්‍ය භූමිය සොළොස්මස්ථාන අතර සයවැනි ස්ථානය හිමිකර ගනී. මුල් කාලීනව නඛා වෙහෙර ලෙස හැඳින්වූ මෙම චෛත්‍යය දිගාවැව ඇසුරු කොට ගනිමින් දීඝවාපී චෛත්‍ය රාජාණන් බවට පසුකාලීනව පත් ව ඇත.මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 6 වන සියවස දක්වා දිව යන අතර ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස අටවැනි වස සපිරෙත්ම තුන්වෙනි ලංකාගමනය ලෙස කැලණියට වැඩම කොට ඇත. එම අවස්ථාවේදී සමනල කඳු මුදුනේ සිරිපා පිහිටුවා දිවා ගුහාවෙහි දිවා විහරණයෙන් ඉක්බිතිව ඍදි බලයෙන් දීඝවාපියට වැඩම කොට නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ හිඳ ඇත. එහිදී පොළෝ මස්තකය මැටි පෝරුවක මෙන් දෙබෑ වී ඇතැයි ඓතිහාසික කරුණු වල වල සඳහන් වේ. ඒත් සමගම එම ස්ථානයට පැමිණි කතරගම දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ විසින් සිය නිය ධාතුව පිරිනමා ඇති අතර එය තැන්පත් කොට නිල් මාණික්‍යයන්ගෙන් චෛත්‍යයක් ඉදිකළ බව සැළ වේ. මහා වංශයෙහි සඳහන් වන පරිදි දැනට චෛත්‍ය පිහිටි ස්ථානයෙහි බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩ හිඳ අනුරාධපුර මහමෙවුනා උයනට වැඩම කොට ඇත.

විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත මහඔය සෝභිත හිමි අප සමග පවසා සිටියේ චෛත්‍යය කැණීම් කිරීමේදී සර්වඥ ධාතූන් කිහිපයක් සහ චූඩාමාණික්‍යයක් හමුවූ බව ය.මෙම දිනවල එම පූජා වස්තූන් ලක්වාසී සැදැහැවතුන් ට වැදපුදා ගනු පිණිස ලංකාව පුරා ස්ථාන කිහිපයකට වැඩම කරවීමට කටයුතු යොදා ඇති බවය.පිං කැමති ඔබ සැම වෙනුවෙන් එය විවෘත ය.

පුරාවිද්‍යාත්මක සාධක මත දැනට තහවුරු කොට ගෙන ඇති දීඝවාපී චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත්  යුද හමුදාවේ  නොමද ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙමින් පවතී.මෙම චෛත්‍යයේ සම්පූර්ණ ඉදිකිරීම් 2025 වන විට අවසන් කරන බව විහාරාධිපති හිමි තවදුරටත් පවසා සිටියහ. 

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ පාමුල කුඩා බෝ රුකක් වන අතර මාරුතය හා එක්ව ළපලු එහි පහස විදින්නට බැතිමතුන්ට සමාරාධානා ගෙනෙනූයේ කාගේ වුවද සිත් තුල දැවෙනා ගිනි දැල්  නිවාලමින් ය.ඒත් සමඟම නාස් පුඩු මත දැවටෙනා සූර්යා සුගන්ධ හදුන්කූරු ගන්ධය නිවනක් ය.

"අනේ පුතේ රතනත්‍රයේ පිහිටයි.පිංසිද්ධ වෙනවා පුතේ"

සූර්යා හඳුන්කූරු දෝතට ගෙන සිල් පවාරන ය වූ අත්තම්මා කෙනෙක් එලෙස පවසනවා ඇසුණි.
සූර්යා සුවඳ කූරු නියෝජිතයින් සුවඳ කූරු නොමිලේ බෙදා හැරීයේ ඒ ලෙසටය.මීට සමගාමීව සුවඳ දුම් පූජාව ක් ද පැවැත්විණි.සුවඳ වර්ග 14 කින් සමන්විත සූර්යයා සුවඳ කූරු වෙතින් මෙම සමාජ සත්කාරය සෑම  පුන් පොහෝ දිනකම පැවැත්වෙන අතර ලබන මාසයේ එය පවත්වනු ලබන්නේ මහියංගනය ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කොටගෙනය.

සටහන - නෙත්මි තෂාරා
ජයාරූප - දමිත් වාසල

 

හිතටත් ගතටත් වද දෙන නඟන Read Previous

හිතටත් ගතටත් වද දෙන නඟන

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment