REBORN එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ලේඛිකාවක වන නර්මදා රංගොඩගේ මහත්මියගේ අලුත්ම නවකථාව වන ‘REBORN’ කෘතිය එළිදැක්වීමේ උත්සවය පසුගිය දා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. 

පාසල් වියේ පටන්ම නිර්මාණාත්මක ලේඛණයට ඇල්මක් දැක්වූ නර්මදා රංගොඩගේ මහත්මිය 2016 වර්ෂයේ ෆේස්බුක් අවකාශයට එක් කළ “බාඳුරා” නවකතාව 2021 වර්ෂයේදී කෘතියක් ලෙස එළිදක්වමින් නවකතාකරණයට එක් වූ අතර අගරැජින, උතාරා, පරිචාරිකා, සාෂා, ලිය තඹර, ප්‍රේමාරම්මණ, නීලෝත්පලා සහ කාමච්ඡන්ද යන කෘතීන් ඇයගේ නව කතා ගොන්නට ඇතුළත් වේ. පාඨකයන්ට අපූරු කියවීමකට මග පාදමින් මෙවර එළිදැක්වූ ‘REBORN’ කෘතිය ඇයගේ දසවන නව කතා එළිදැක්වීම වේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි, එම සංගමයේ ලේකම් ලසිත උමගිලිය, සරසවි ප්‍රකාශන ආයතනය, සුමිත්‍රා රාහුබද්ධ, දර්ශනා ශම්මි විජේතිලක, චන්දි කොඩිකාර, මොහාන් රාජ් මඩවල ඇතුළු ජනප්‍රිය ලේඛක ලේඛිකාවන්, පාඨකයින්, පොත් ප්‍රකාශන ආයතන මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර විචිත්‍රවත් ගීත සහ ආරාධිතයන්ගේ අර්ථවත් ආමන්ත්‍රණයන්ගෙන් උත්සවය වර්ණවත් විය.

 

තාරකා අතරින් ඇරඹෙන ’සන්ද්‍රායී සන්ධ්‍යාව’ Read Previous

තාරකා අතරින් ඇරඹෙන ’සන්ද්‍රායී සන්ධ්‍යාව’

REBORN  එළිදැක්වේ Read Next

REBORN එළිදැක්වේ

Realted Post

Leave a comment