සමට පෝෂණය දෙන සීරම් ගෙදර හදාගන්න හැටි

සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර ජනප‍්‍රිය යි. මුහුණේ තෙතමනට රැකගන්න, නැවුම් බව ආරක්ෂා කරගන්න වගේම සමේ අදුරු පැහැ තැන් දුරුකරගන්න බොහෝ දෙනෙක් රාත‍්‍රී නින්දට පෙර සීරම් එකක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් වයස අවුරුදු තිහ ඉක්ම වූ පසුව තමන්ගේ සම ගැන වැඩි උනන්දුවක් දැක්වීම ඉතා වැදගත්. තරුණ පෙනුම රැකගන්න නම් ඒ වෙනුවෙන් උනන්දුවෙන්න වෙනවා. ඒ අතරින් අඩුම තරමේ අපේ සමට හානියක් නොවී රැකගන්න නම්, හොඳ ෆේස් වොෂ් එකක්, ස්ක‍්‍රබ් සහ ක්ලෙන්සර් එකක්, හොඳ ටෝනර් එකක් රාත‍්‍රී පෝෂණයක් සහ උසස් ප‍්‍රමිතියක් ඇති විටමින් සී සීරම් එකක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් කාන්තාවක් මේ සත්කාර දෛනිකව කරනවා නම්, බාහිරින් සමට සිදුවෙන හානිය අවම කරගෙන නිරෝගී තරුණ පෙනුමක් පවත්වාගෙන යෑමට පුඵවනි.

එහෙත් දැන් තිබෙන ආර්ථික ගැටලූ සමග අලේපනවල මිල ගණනුත් ඉහළ ගිහින් තිබෙන නිසා ප‍්‍රමිතියකින් යුතු ආලේපන වර්ග මේ දිනවල වෙළෙඳපොලෙන් මිලදී ගැනීම තරමක් අපහසු වී තිබේ. ඒ අතරින් ප‍්‍රමිතියෙන් උසස් විටමින් සී සිරම් එකක මිලද ඉතා ඉහළ නිසාම හොඳම වර්ගයේ විටමින් සී සිරම් එකක් නිවසේදීම සාදා ගන්න පු`ඵවන් නම් වාසි රැුසක් අත්කරගන්න පු`ඵවනි. ඒ නිසා නිවසේදීම ස්වභාවික සීරම් ආලේපනයක් සාදාගන්නේ කෙසේදැයි බලමු.

තමන්ගේ රුව ගැන සිතන ඕනෑම තරුණියක් පාවිච්චි කරන විටමින් සී සිරම් ස්වභාවිකව මාස කිහිපයක්ම කල් තබාගත හැකි විදියට හදාගන්නේ කොහොමද?

ඒ සඳහා අවශ්‍ය කරන්නේ මොනවද?

විටමින් ඊ කරල් 3 ක්

ෆොයිල් පේපර් 1 ක්

හොඳ වර්යේ තැඹිලි පැහැති දොඩම් ගෙඩියක්

රෝස වතුර

ග්ලිසරීන්

කෝමාරිකා ජෙල් ස්වල්පයක්

සාදන අයුරු

මුලින්ම දොඩම් ගෙඩියේ ලෙල්ල ඉවත් කරගෙන එය තරමක් කුඩා කැබලිවලට වෙන්කරගෙන මඳ අවුවේ දවසක් පමණ වේලා ගන්න ඕනෑ.

වියළා ගත් දොඩම් පොතු ටික පිිරිසුදු වියළි වීදුරු භාජනයකට දමා එයට රෝස වතුර මේස හැඳි දෙකක් පමණ එකතු කරන්න. එයටම ග්ලිසරීන් මේස හැදි 1යි, විටමින් ඊ කරල් තුනක්, එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න.

දැන් මේ වීදුරු බඳුන ෆොයිල් කවරයකින් තදින් වසා පැය හයක් කාමර උෂ්ණත්වයේ තබන්න. පැය හයකට පසුව නැවතත් කලවම් කර මේ සියල්ල හොඳින් බ්ලෙන්ඞ් කරගන්න. ඉන්පසු බ්ලෙන්ඞ් කරගන් සීරම් එක සම්පූර්ණයෙන් පෙරා යුෂ ටික පමණක් වෙනම භාජනයකට දමාගෙන එයට ඇලෝවේරා ජෙල් තේ හැන්දක් පමණ දමා හොඳට උකුවන තෙක් විනාඩි පහළොවක් පමණ මිශ‍්‍රකර ගන්න.

කුඩා වීදුරු බෝතලයකට හෝ හිස් විටමින් සී සිරම් බෝතලයකට මිශ‍්‍රණය පුරවාගෙන දිනකට වතාවක් බින්දු දෙකක් පමණ අත්ලට ගෙන මුහුණේ ආලේප කරන්න. මේ විදියට නිවසේදී සාදා ගන්නා මේ විටමින් සී සීරම් එක මාස පහක් පමණ කාමර උෂ්ණත්වයේම කල් තබා ගැනීමටද පුඵවනි.

සටහන නයනා උදයංගනී

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා Read Previous

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන  කර්මාන්තශාලාවක්  පල්ලේකැලේ  ආරම්භ  කිරීමට පියවර Read Next

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පල්ලේකැලේ ආරම්භ කිරීමට පියවර

Realted Post

Leave a comment