ස්ට්‍රච්මාක්ස් වලට තිත

කාන්තාවකගේ ජීවිතය තුළ මතුවන වෙනස්කම් රැසක් සිරුරේ විවිධ අවධින් තුළ අත්විඳිමට හමුවෙනවා. ඉන් බහුලවම හමුවන බාහිර ශාරීරික වෙනස්කමක් ලෙස ස්ට්‍රච්මාක්ස්  හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වයේදී තරමක් විතර සමේ පෙනුම ගැන උනන්දු වන කාන්තා ඔබට නම් මානසික , කායික පීඩාවක් වෙන්නත් පුළුවන්. මේ පැන නැගී ඇති ශාරීරික වෙනස්කම් ගැටලුව සඳහා පහසුවෙන් නිවසේදී කළ හැකි සත්කාර කිහිපයක් තමයි මේ කතා කරන්න සූදානම. 

 


මොකද්ද මේ ස්ට්‍රෙච් මාක්ස් කියලා කියන්නේ.

සම වේගයෙන් ඇදීමට ලක්වන අවස්ථාවකදී සමයේ අභ්‍යන්තරයේ ඇති කොලජන් සහ ඊලාස්ට්න් තන්තු බිඳවැටීම හේතුවෙන් රතු ,දම්, සුදු පැහැති රේඛා ලෙස බාහිර සමෙන් පෙන්නුම් කරයි.


ඇතිවීමට හේතු. 

ගර්භනී අවදිය, දරු ප්‍රසූතිය, ස්තූලභාවය ,සිරුරේ බර අඩුවී යාම ,හෝමෝන වෙනස් වීම, සම වියළිම, ජානමය හේතු .


සිරුරේ මතුවන ස්ථාන.

උදරය, පපුව, ඉණ, කලව ,බාහු.

නිවසේදී කළ හැකි සත්කාර. 


1. කෝමාරිකා යුෂ මාක්ස් ඇති ස්ථානවල ආලේප කර විනාඩි විස්සක් , තිහක කාලයක් තබා හොඳින් සෝදා ඉවත් කරන්න. 

2. ස්වභාවික තෙල් ආලේපනය. 

මේ සඳහා පොල්තෙල් , ඔලිව් තෙල් හෝ ආගන් තෙල් ආලේප කර මුදෘව  සම්බාහනයක් සිදු කරන්න .

3. එඬරු තෙල් ආලේප කර කපු රෙදි කැබැල්ලකින් වසා විනාඩි විස්සක් පමණ කාලයක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. 

4. ශියා බටර් හෝ කොකෝවා බටර් ආලේප කරන්න.

5. බිත්තර සුදු මදය මාක්ස්වල ආලේප කරන්න. මෙය විනාඩි 20ක් පමණ කාලයක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. 

6. අර්තාපල් යුෂ මාක්ස් වල ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න. 

ස්ක්‍රබ්.

සීනි කෝප්ප එකකට ,ඔලිව් තෙල් හෝ මී පැණි හැන්දක් දමා ආලේප කර මුදෘව සම්භාහනය කර සෝදා ඉවත් කරන්න. 

8. සම්බාහනය. 

නිතර නිතර සම්භාහනය කිරීමෙන් රුධිර සංසරණය වේගවත් වී  කොලේජන් ස්වභාවික වර්ධනය වීමට උපකාරී වන අතර මාක්ස් මැකීමකට ද උපකාරී වෙයි. 


මෙම ප්‍රතිකාර ස්වභාවික බැවින් නිතර  සිදුකළ යුතු අතර ඉවසීමෙන් ප්‍රතිඵල බලා සිටීමත් අවශ්‍යයි. අද , හෙට ප්‍රතිඵල ලබා ගැනීම බලාපොරොත්තු වීම අපහසුයි, ටික කලක් එක දිගට භාවිත කළ යුතු අතර මෙමගින් අතුරු ආබාධ නොමැතිව නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට ද උපකාරී වේ. 

මේ සියල්ල සිදු කළත් ඔබට සුවයක් නොලැබේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැසී මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වඩා සුදුසු වෙනවා. 

යහපත් ජීවන රටාව ද කළමනාකරණය කරන ගැනීම කළ යුතුයි. 


විටමින් සී ,ඊ ,සින්ක් අඩංගු  එළවළු ,පලතුරු, කොළ වර්ග අඩංගු පෝෂණිය ආහාර වේලක් ලබා ගැනීම සහ හොඳින් වතුර පානය කිරීම. 

ව්‍යායාම කිරීම. 

මානසික සුවය තබා ගැනීම.

හොඳ ප්‍රමිතිගත, උසස් ආලේපන භාවිත කිරීම. 

සම වියළීමට ඉඩ නොහරින්න.

සටහන
මහේෂානි මීගහපොල

උපදෙස්
ආයුර්වේද වෛද්‍ය 
ඉමාෂා උක්වත්ත.

එයාගේ සුබ පැතුම Read Previous

එයාගේ සුබ පැතුම

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Next

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

Realted Post

Leave a comment