දේශීය සූපවේදී ශාස්ත්‍රය ජාත්‍යාන්තර තලයකට රැගෙන යමින් ‘MasterChef ’ ශ්‍රී ලංකාවටත්.....

ලෝක ප්‍රකට MasterChef රියැලිටි වැඩසටහනෙහි ශ්‍රී ලාංකේය ප්‍රථම එළිදැක්වීමේ මාධ්‍ය හමුව කොළඹ Cinnamon Grand හිදී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එය මෙරට සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ  සහ රියැලිටි වැඩසටහන්කරණයේ නව යුගයක් ආරම්භ කිරීමට සමත් වූවා. 

Banijay Rights හි හිමිකාරිත්වය දරන මෙම රියැලිටි වැඩසටහන, දේශීය සූප ශාස්ත්‍ර කර්මාන්තයට නව ජීවයක් ලබා දෙමින් මෙරට සූපවේදීන්ගේ දක්ෂතාවන් ජාත්‍යාන්තර තලයේ වේදිකාවක් මත ප්‍රදර්ශනය  කිරීමට සුවිශේෂී අවස්ථාවක් සලසයි. 

මෙම වර්ණවත් සන්ධ්‍යවේ දී, ශ්‍රී ලාංකේය ඉවුම් පිහුම් කලාවට නව මානයක් එක් කරන‘MasterChef Sri Lanka’රියැලිටි වැඩසටහන නිල වශයෙන් දියත් කරමින් එහි විනිශ්චය මණ්ඩලය හඳුන්වා දී තිබුණා. 

කීර්තිමත් සූපවේදියෙකු, අවන්හල් හිමියෙකු සහරූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක වන පීටර් කුරුවිට, ඕස්ට්‍රේලියානු MasterChef හි කැපී පෙණුනු තරඟකාරිනියක වූ සවින්ද්රූ (Sav) පෙරේරා, මෙරට සුඛෝපභෝගී භෝජනාගාර ක්ෂේත්‍රයේ පුරෝගාමීයෙකු වන රොහාන් ප්‍රනාන්දුපුල්ලේ සහ පළපුරුදු සූපශාස්ත්‍රවේදියෙකු වන කපිල ජයසිංහ යන අයගෙන් විනිශ්චය මණ්ඩලය සමන්විත වනවා. 

1990 දී එක්සත් රාජධානියේ ආරම්භ වූ MasterChef යනු Franc Roddam විසින් නිර්මාණය කරන ලද ජාත්‍යාන්තරයේ කීර්තිමත් තරඟකාරී ඉවුම් පිහුම් රියැලිටි වැඩසටහන් ආකෘතියකි. 

එය ලොව පුරා රටවල් 71 ක ආරම්භ කර තිබෙනවා. 

මෙම වැඩසටහන හරහා ගෘහස්ථ සූපවේදීත්වයේ කුසලතා, නිර්මාණශීලිත්වය සහ දැඩි ආශාවන් වඩාත් ඉස්මතු කරනු ලබයි. 

මෙය ශ්‍රී ලංකාවේ එළිදැක්වීමට කටයුතු කිරීමත් සමග මෙරට ආහාර පිසීමේ කලාව සතු මුල්බැසගත් සම්ප්‍රදායන්, රසයන් සහ පෞද්ගලික අත්දැකීම් සම්මිශ්‍රණය වූ නැවුම් පරිච්ඡේදයක් සනිටුහන් කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. 

මෙම තරඟයේ ජයග්‍රාහිකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක් සහ MasterChef ගෞරව නාමය හිමිවේ. 

සටහන - නයනා උදයංගනී

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ Read Previous

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Next

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

Realted Post

Leave a comment