රයිගම් සම්මාන උළෙල 2024

වසර 2024 පුරා විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරුණු 21 වැනි රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය පසුගියදා ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී කලාකරුවන් රැසක් සම්මානයට පාත්‍රවිය. එහිදී වඩාත් ජනගත ටෙලි නාට්‍ය නළුවා සජිත ඇන්තනීද වඩාත්ම ජනගතනිළිය ලෙස මිෂෙල් දිල්හාරා ද සම්මානයට පාහු විය. ජනප්‍රියම නිළිය ලෙස දිනක්ෂි ප්‍රියසාද්, ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්න, වසරේ විශිෂ්ටතම නළුවා ලෙස ප්‍රියන්ත සිරිකුමාර සහ විශිෂ්ටතම නිළිය ලෙස තරින්දි ප්‍රනාන්දු සම්මානයට දිනා ගත්හ. වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනියත්, සම්මානනීය නාලිකාව ලෙස ජාතික රූපවාහිනී නාලිකාවත් රයිගම් සම්මානයෙන් පිදුම් ලැබීය. තවත් දක්ෂයින් රැසක් සඳහා විවිධ අංශ යටතේ සම්මාන රැසක් එහිදී පිරිනැමිණි.

‎මිනුවන්ගොඩ නාලන්දා බාළිකාවෙි ලේ දන්දිමෙි වැඩසටහනක් Read Previous

‎මිනුවන්ගොඩ නාලන්දා බාළිකාවෙි ලේ දන්දිමෙි වැඩසටහනක්

නිරොගී වයස්ගත් වීමකට යෝග Read Next

නිරොගී වයස්ගත් වීමකට යෝග

Realted Post

Leave a comment