චිකුන්ගුන්‍යා අතුරු සංකූලතාවයන්ට සුවයක්

චිකුන්ගුන්‍යා කියන රෝගය මේ වෙද්දි බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. මෙම රෝගය සුව වූවත් බොහෝ රෝගීන්ට රෝග සංකූලතා පහ නොවී යයි. මේ සඳහා නිවසේදී කළ හැකි අත් බෙහෙත් කිහිපයක් පිළිබඳ විස්තර මෙහි දැක්වේ.

  • අමුක්කරා අල තැම්බූ වතුර පානය කිරීම. 

මෙමගින් සන්දිවල මතුවී තිබෙන ප්‍රදාහ තත්ත්වයන් අඩු කර ගැනීමට සහ ශරීර ශක්තිය නැවත වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

  • වියළි ඉඟුරු, එඬරු මුල් තැම්බූ කසාය පානයට ගැනීම.

කාලීන සන්ධි වේදනාව අඩු කරවයි. 

  • නිර්ගණ්ඩයාදී තෛල ආලේප කර සම්බාහනය සිදුකිරීම. 

සන්දිවල ඉදිමුම සහ තද ගතිය අඩු කරවීම සිදුකරවයි. 

  • අමු රස කිඳවැලක් කොටා එම යුෂ දිනකට දෙවරක් පානය කිරීම. මෙය උදෑසන ආහාරය ගැනීමට පෙර පානය කිරීම සුදුසුයි. 

මෙමඟින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරවයි. 

  • මදුරු තලා කොළ 3ක් 4 ක්, අමු ඉඟුරු කුඩු තේ හැඳි භාගයක්, අමු කහ කුඩු තේ හැදි භාගයක් ගෙන, මේ සියලු ඖෂධ වර්ග පානයක් ලෙස උදේ, සවස දිනකට දෙවරක් පානය කිරීම. 

ප්‍රතිශක්තිය වර්ධනය කරමින් ශරීර ශක්තිය ඉක්මනින් වර්ධනය කරගත හැකි පානයක් සකසමු.

අවශ්‍ය ද්‍රව්‍ය; 

  • බාස්මතී සහල් කෝප්ප 01 ක්.
  • මුං ඇට කෝප්ප 1/2 ක්.
  • වතුර කෝප්ප 04ක්.
  • තල තෙල් තේ හැඳි 01 ක් 
  • සූදුරු තේ හැඳි 01 ක්.
  • කහ කුඩු තේ හැදි කාලක්.
  • රස අනුව ලුණු.
  • ගම්මිරිස් තේ හැඳි 1/ 2 ක්.
  • කරපිංචා හෝ කොත්තමල්ලි කොළ  සුළු ප්‍රමාණයක්. 
  • සුදු ලූණු බික් 02 ක්.

සාදන අයුරු:

  • සහල්, මුං ඇට හොඳින් සෝදා විනාඩි විස්සක් පමණ පෙඟෙන්න තබාගන්න. තල තෙල් ස්වල්පයක් බඳුනකට දමා එය ලිප මත තබන්න. තෙල් රත් වූ පසු එයට තලා ගත් සුදුලූණු, ඉඟුරු, ගම්මිරිස්, සූදුරු, රස අනුව ලුණු යන සියල්ල එකතුකර බැදගන්න. මේ සියල්ල හොඳින් තෙලින් බැදුණු පසු එයට සහල්, මුං ඇට එකතු කරන්න. පසුව එයට වතුර කෝප්ප හතරක් දමා හොඳින් පිසගන්න. අවසානයට කරපිංචා හෝ කොත්තමල්ලි කොළ  එකතුකර ලිපෙන් බාගන්න.මෙය උදෑසන හෝ දිවා ආහාරයක් ලෙස ගැනීමට සුදුසුයි.  

එමෙන්ම,

  • රත් කරන ලද එඬරු තෙල්වලට සුදුලූණු බික් තුනක් කපා දමා එය තරමක් නිවුණු පසු   එම තෙල් වේදනාව සහිත සන්ධිවල ආලේප  කරන්න.
  • උළු හාල් ඇට තේ හැඳි එකක් පමණ වීදුරුවකට දමා රාත්‍රියේ පෙඟෙන්න තබා උදෑසන එම උළුහාල් හපා එම වතුර ටික පානය කරන්න. 
  • එළකිරි කෝප්පයකට කහ තේ හැඳි බාගයක්, ගම්මිරිස් ඇටයක් දමා රත් කර පානය කරන්න. 
  • නටවන ලද උණුවතුර කෝපපයකට සහිඳ ලුණු මේස හැඳි දෙකක් එකතුකර එම වතුරින් වේදනාව සහිත සන්ධි තැවීම සිදුකරන්න.

සුදුසු ආහාර වර්ග. 

  • ඉක්මනින් ජීර්ණය කරගත හැකි ආහාර පාන ලබා ගැනීම.
  • සුප්, රසම් වැනි පානයන් ගැනීම.
  • උණුසුම් වතුර පානය කිරීම. 


නුසුදුසු ආහාර වර්ග. 

  • තෙල් බහුල, පිටි ,සීනි බහුල, කෘතිම රසකාරක අඩංගු ආහාර පාන භාවිත නොකළ යුතුයි. 

හිතකර ජීවන රටාවක් පවත්වා ගැනීම. 

  • උණුසුම් ජලය ස්නානය කිරීම. 
  • ප්‍රමාණවත් තරම් ව්‍යායාම යාම  සිදුකිරීම.
  • සුවැති නින්දක් සහ සුව බර විවේකයක් ලබා ගැනීම.


සටහන- මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම- ආයුර්වේද වෛද්‍ය. 
එම්. එස් . එන්. දිල්රුක්ෂි. 

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන  ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක් Read Previous

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක්

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන  ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක් Read Next

ගොක් කොළ කලාවෙන් සිය නිර්මාණ සිදු කරන ගිහි පැවිදි සහෝදරයන් දෙදෙනෙක්

Realted Post

Leave a comment