ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

 

ණයවී හෝ ගිතෙල් කන්න ලස්සනට නිරෝගීව ඉන්න නම්. එළඟි තෙල් නැත්නම් ගි තෙල් ලෙස හඳුන්වන පෝෂිදාහි ගුණ රැසක් සිරුරට ලබාදෙන තෙල් වර්ගයක්.
මෙහි තිබෙන ගුණ බව නිසාම ජනවාහාරයේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ණය වී හෝ ගිතෙල් කන්න කියලා ඒ මේ තෙල් එතරම් ගුණ නිසයි.


අපේ රටේ මෙම තෙල එතරම් භාවිතය සුලභ නොවුණත් අපේ රටට අල්ලපු රටවල ඉන්දියාවේ නම් එය සුලබව භාවිතා කරන අතර මැද පෙරදිග සහ අග්නිදිග ආසියාතික රටවල් වල  ආහාර පිසීමේදී  භාවිත කරයි.

එළඟි තෙල්වල ඇති පොදු ගුණ ගැන කතා කිරීමේදී. 

සිරුර පෝෂණය කරවයි, මතක ශක්තිය වඩවයි, ස්නායු පද්ධතිය සවිමත් කරවයි, විටමින් ඛණිජ ලවණ ඔමේගා 3 , ඔමේගා 6, වැනි  සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් අඩංගුය ,ප්‍රතිශක්තිය ඉහළ නංවයි,

ඇස් පෙනීම වර්ධනය කරවයි,සම, හිසකෙස් පෝෂණය කරවන ආමාශය ආශ්‍රිත තුවාල වළක්වන ,සුව නින්දක් ලබා දෙන ,අස්ථි රෝග වළක්වන, හදවතට හිතකර, ආතතිය වළක්වන වැනි ගුණ රැසක් මේ තුළ පවතී. 

දිනකට භාවිත කළ යුතු ප්‍රමාණය. 

දිනකට එළඟි තෙල්  තේ හැදි එකක් ,දෙකත් අතර ප්‍රමාණයක් භාවිතය සුදුසුයි. 

ආහාර පිසීමට ගැනීමේදී පොල්තෙල් හෝ වෙනත් තෙල් වෙනුවට එළඟිතෙල් භාවිත කරන්න පුළුවන් .
නමුත් ඔබ ගන්නා එළඟි තෙල් ගුණාත්මක පිරිසුදු ඒවාද යන්න සොයා බැලීම වැදගත් වෙනවා. 

කොතරම් ගුණ වුණත් නුසුදුසු අයත් ඉන්නවා.

සන්තෘප්ත මේදය අඩංගු බැවින් කෙලෙස්ටරෝල් තිබෙන අය ස්ථූල බවින් පෙළෙන අය මෙවැනි අයට ගුණ නොවෙයි. 

ඒ වගේම ශීත ගුණයක් පවතින හෙයින් සෙම් රෝග ඇවිස්සෙන අයට භාවිතයට ගැනීමෙදී සැළකිලිමත් විය යුතුයි. 

අසාත්මිකතා තිබෙන අය භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම කළ යුතුයි. 

ගිතෙල් බාහිර ආලේපනයක් ලෙස භාවිත කරන අයුරු.


හිසට

ගීතෙල් තේ හැන්දක් පමණ ගැන හිස් කබලේ, හිස කෙස් ව ආලේප කර සම්භාහනය කර පැයක පමණ කාලයක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. 

හිසකෙස් හොඳින් වර්ධනය වීම උත්තේජනය කරවයි. 


සමට

යටි පතුල් පැලීම, පාද රළු වීම ඉවත් කර ගැනීමට

රාත්‍රියට එළඟිතෙල් තේ හැන්දක් ගෙන යටි පතුල් ආලේප කර විනාඩි දහක් පමණ කාලයක් සම්භාහනය කරන්න. 


වියළි සමට

විශේෂයෙන් මේ දිනවල පවතින හිරු රශ්මිය දැඩි කාලයේදී  බාහිර ආලේපනයක් ලෙස භාවිත කළ හැක.


එළගී  තෙල් , මී පැණි කෝමාරිකා යුෂ සමව ගෙන මිශ්‍ර කර සමෙ ආලේප කර  විනාඩි විස්සක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. 


දෙතොල් වලට 


රාත්‍රියට එළඟි තෙල් ගල්වා පසු දින උදෑසන සොදාහරින්න.

රෝස පැහැති දෙතොල් ලබා ගන්නට පුළුවන්.

සටහන
මහේෂානි මීගහපොල


උපදෙස් 
ආයුර්වේද වෛද්‍ය උව්නි ජයවර්ධන

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment