ස්වයං වින්දනය වරදක්ද?

දිනක් තරුණ පිරිමි ළමයකු රැගෙන දෙපළක් පැමිණෙනවා.  ඔවුන් දෙදෙනා පුතාව රැගෙන එන්නේ නිතරම පුතා බුදුන් වඳිනවා.   බුදුන් ළඟට ගිහින් අඬනවා කියළයි. අම්මා හිතලා තියෙන්නේ පුතාට     යක්ෂ දෝෂයක් කියලා.

මම ඒ පුතා සමග තනිවම කතා කරන්න අවස්ථාවක් ගත්තා.  ඒ දරුවා  පොඩි වෙලාවකට   කතා කරල සුහද වුණා.  
‘‘ මගේ යහළුවෝ මට කිව්වා ඔයා ස්වයං වින්දනයේ යෙදෙනවා නේද? ඔයා කෙට්ටු වෙලා තියෙන්නේ ඒක තමා ඔය වගේ පවු වැඩ කරන්න එපා කියලා මාව බය කළා.
මම ඒ ගැන මාස ගණනක් කල්පනා කළා . මම බය වුණා. මට පාඩම් කරන්න බැහැ. හිත එක තැනක තියාගන්න බැහැ. මම ඒ නිසාම අම්මගෙන් මේ ගැන අහන්න හිතුවා.
යාළුවෙක් මෙහෙම කරනවා ඒ වැඩේ හොඳයි ද කියලා. පස්සේ මම අම්මගෙන් එහෙම ඇහුවා. අම්මා ගත් කටටම කිවුවේ,
 ‘‘ඔයා එහෙම පවුකාර යාළුවෝ අතහරින්න.”  ඉතිං මගේ බය තවත් වැඩි වුණා. ඒ පව් නැති කරගන්න නිතරම බුදුන් වඳිනවා.’’

  •  ලිංගිකත්වය හා මිත්‍යා විශ්වාස 

සමාජයේ බොහෝ පිරිසක් ලිංගිකත්වය ගැන මිත්‍යා විශ්වාසයන් ගොඩනගා ගෙන තිබෙනවා. ඒ වගේම ආගමික විශ්වාස හා ලැජ්ජාශීලීත්වය මේ සඳහා බලපාන්නාවූ තවත් හේතුවක්.
 දරුවාට ලිංගික අධ්‍යාපනය නොමැතිකම හා මවගෙන් පියාගෙන් ඒ සම්බන්ධ මඟපෙන්වීම හා උපදේශනය නොලැබීම නිසා මෙවැනි ගැටලුකාරී තත්ත්ව ඇතිවෙනවා. නමුත් ස්වයං වින්දනය යනු කිසිදු පාපයක්වත්, වරදක්වත් නොවෙයි.

  • ස්වයං වින්දනයේ වාසි 

ස්වාභාවික ලිංගික ක්‍රියාවලියක් නිසා ආරක්ෂාකාරීය.
පසුකාලයේ දී ලිංගික සංසර්ග ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යාමට හැකි වේ.
ආතතිය දුරුවෙනවා( ලිංගික ආතතිය)
හොඳ නින්දක් ලැබෙනවා.
පුරස්ථී ග්‍රන්ථීවල පිළිකා ඇති වීම යම්තාක් දුරට අඩු වෙනවා.
ශූක්‍රාණු මෝචනය නිතර සිදු වෙනවා.

  • ස්වයං වින්දනයේ අවාසි

එයට ඇබ්බැහිවීම ගැටලුවක්. අපි කොහොමද ස්වයං වින්දනයට ඇබ්බැහිවෙලා කියලා දැන ගන්නේ.
ඔහු හෝ ඇය පාසල් වැඩ මඟහරිනවා නම්,
එදිනෙදා වැඩ කටයුතු මඟ හැරෙනවානම්,
නිතරම කාමරයට වෙලා ඉන්නවා නම්,
අපිට පුළුවන් කෙනෙකු ඊට ඇබ්බැහිවෙලා කියලා දැනගන්න. එහෙම ඇබ්බැහි වෙලා නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.
ස්වයං වින්දනයෙන් පසු වරදකාරී හැඟීම් ඒම.
ස්වයං වින්දනයෙන් පසු එම පුද්ගලයා තමන් කළේ වැරැද්දක්, පාපයක්  ලෙස සිතීමෙන් මානසික සෞඛ්‍ය පිරිහෙනවා. මෙම තත්ත්වය තමයි අපි කතා කළ දරුවාට පවතින්නේ.

  • ස්වයං වින්දනය ගැන ඇති මිත්‍යා විශ්වාස

පාපයක් / වරදක්
ඇඟ කෙට්ටුවීම
මඳ සරු ඇතිවෙනවා.
ලිංගික අප්‍රාණිකබව
පිරිමි අයගේ ශුක්‍රාණු අඩුවෙනවා.
අනාගතයේ ලිංගයේ ප්‍රමාණය වෙනස් වෙනවා.
නමුත් මෙම කිසිදු දෙයක් සිදුවුණුබව මෙතෙක් සොයාගෙන නැත.  

                                                                                                       

අභිමානය සහ ආදරය අතර ද්වන්ධ සටනක රූපවාහිනී අත්දැකීම Knock Out Read Previous

අභිමානය සහ ආදරය අතර ද්වන්ධ සටනක රූපවාහිනී අත්දැකීම Knock Out

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර Read Next

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර

Realted Post

Leave a comment