කැසීම නවත්වන්න ’ඕට්ස්’
මේ ප්‍රතිකාර ක්‍රමය සුරතලුන්ට පමණක්ම නොවෙයි විදේශ රටවල්වල නමි මෙම ප්‍රතිකාරය මිනිසුන් සඳහාත් භාවිත කරනවා.
අසාත්මිකතා හෙවත් ඇලජි වැනි තත්ත්ව වලදී සම රතු වෙලා, කසන, සම රත් වූ වැනි ලක්ෂණ සඳහා ක්ෂණික සහනයක් ලබාගතහැකි ප්‍රතිකර්මයක් තමයි Oat Meal Bath කියන්නේ.
මෙතැනදී පහසුවෙන්ම සොයාගතහැකි අමුද්‍රව්‍යයකින් තමයි මේ ප්‍රතිකර්මය සිදු කරන්නේ.
එනම්, අපි ආහාරයට ගන්නා ඕටිස් තමයි මේ සඳහා භාවිතයට ගන්නේ.
ඔබ ළඟ ඉන්නෙ කුඩා වර්ගයේ කිලෝ 15 - 20 බරක් සහිත බව්වකු නම් එයාලට ඕට්ස් පීරිසි කෝප්ප බාගයක් ප්‍රමාණවත්.
ඕටිස් ටික වතුරට දමා හොඳින් පෙඟෙන්න තබන්න.
පෙගුණු පසු බ්ලෙන්ඩර් කර ඕටිස් වලට වතුර ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.
එහෙම නැත්නම් ඔලිව් ඔයිල් මේස හැන්දක් වුවත් එක් කරගන්න පුළුවන්.
ඔලිව් ඔයිල් ඔවුන්ගේ සමට හිතාම ගුණදායකයි.
මෙම ආලේපනය. ඔවුන්ගේ සමේ කසන, රතු වූ ස්ථානවල ආලේප කර විනාඩි 15-20 ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
සිරුර පුරාම කසන්නේ නම් ඕට්ස් කුඩු ටිකට ඔලිව් තෙල් මේස හැඳි 02ක් කලවම් කර මුළු සිරුරේම ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.
මෙම විශේෂ ප්‍රතිකාරය හරහා යම්කිසි මට්ටමකට සිරුරේ පවතින ප්‍රධාහ තත්ත්වයන් අවම කර ගැනීමට පුළුවන් කසන ගතිය ද අඩු වේ.
සමට සිසිලසක් ලැබෙයි.
රෝග ලක්ෂණ ද අවම වේ.
අදහස් දැක්වීම පශු වෛද්‍ය අනුර දිසානායක කෙයා ෆස්ට් සත්ත්ව රෝහල
සටහන - මහේෂානි මීගහපොල
Leave a comment