ගර්භනී සමයේ ආපදා මල්ලක තිබිය යුතු දේවල්

ආපදාවක් කියන තත්ත්වය ඕනෑම වෙලාවක ජීවිතයට එන්න පුළුවන් අහඹු සිදුවීමක්.

විශේෂයෙන් ගර්භනී වූ ඔබ පෙර සූදානම්ව සිටීම හිතාම වැදගත් වෙනවා. එතනදි ගර්භනී සමය ආපදා මල්ලක් තබා ගැනීම නුවණට හුරු වෙනවා.

ඒ සඳහා අවශ්‍ය වන දේවල් මොනවද කියලා වෛද්‍යතුමාගෙන්ම අසා දැනගනිමු.

  • වැදගත් ලේඛන
  • ගර්භනී සායනික පොත 
  • ගර්භනී සමයේ සිදු කළ ස්කෑන් , එක්ස් රෙ(X-Rey) වැනි වෛද්‍ය වාර්තා 
  • ඔබගේ සහ සැමියාගේ රුධිර වර්ගය සටහන් ලේඛනය
  • හදිසි සම්බන්ධතා දැනුම්දීම් සහිත  සටහනක්
  • ජාතික හැඳුනුම්පත
  • අවශ්‍ය වෛද්‍ය වාර්තා 
  •  
  • මවට අවශ්‍ය වන දේවල් සහිත බෑගයක් 
  • ඔබට භාවිතා කළ හැකි සරල පහසු ඇඳුම් කට්ටල දෙක, තුනක්
  • පිරිසිදු යට ඇඳුම් කිහිපයක් 
  • සනීපාරක්ෂක තුවා 
  • තුවායක් 
  • පනාවක් 
  • සෙරෙප්පු යුගලක් 
  • කාලගුණික , දේශගුණික විපර්යාසය මත ගැළපෙන ඇඳුමි(උදාහරණ ලෙස උණුසුම් ඇඳුම් , පැළඳුම්) 
  • හැට්ට කටු
  • පිරිසිදු සහ ආරක්ෂිත උපකරණ 
  • සැනිසයිටර්
  • Wet Wipes
  • දත් බෙහෙත්
  • දත් බුරුසුව
  • ටිෂූ
  •  
  • මුහුණු තුවායක් (Face Clothe.)
  • ලිප් බාම්
  • ටෝච් එකක්
  • මුඛ ආවරණයක්
  • සබන් , ෂැම්පු
  • ඔබට අවශ්‍ය කරන ඖෂධ වර්ග
  • වතුර බෝතලය
  • දෛනික භාවිත කර හැකි වෛද්‍ය උපදෙස් මත ලබා දී ඇති වේදනානාශක 
  • දුරකථනය
  • අවශ්‍ය දුරකථන නාමාවලියක්. 
  • කෙටි ආහාර වර්ග.

විශේෂයෙන් ගර්භණී වූ ඔබේ සනීපාරක්ෂාව  සඳහා මෙවැනි ආපදා මල්ලක් නිතර ළඟ තබා ගැනීම හිතාම වැදගත් වෙනවා.

සටහන 
මහේෂානි මීගහපොල

උපදෙස්
ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
මචින්ත පරණ යාපා

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි Read Previous

මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Next

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

Realted Post

Leave a comment