මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

ඓතිහාසික මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාර පරිශ්‍රයේ සංරක්ෂණය කරන ලද දෙමහල් පොත්ගුල් ගොඩනැගිල්ල කෞතුකාගාරයක් ලෙස විවෘත කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (09) පෙරවරුවේ සිදුකෙරිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් මිලියන 4කට අධික පිරිවැයක් දරා සංරක්ෂණය කරන ලද ඓතිහාසික දෙමහල් පොත්ගුල් ගොඩනැගිල්ල, එහි තිබූ පුරාවස්තු තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ලෙස විවෘත කෙරුණි.

මහනුවර යුගයට (18 සියවස) අයත් මෙම විහාරස්ථානය සුවිශේෂ බෞද්ධ උරුමයන් රැසකින් සමන්විත වන අතර, මෙම නව සංවර්ධන කටයුතු හරහා එම උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මධ්‍යම පළාත භාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය අරුණ රාජපක්ෂ මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ විරාජ් නිරංජන් බාලසූරිය මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියදර්ශන උඩුකුඹුර මහතා, අධ්‍යක්ෂ සංවර්ධන ( වැඩ බලන) වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය,  මධ්‍යම පළාත භාර සංරක්ෂණ වාස්තු විද්‍යාඥ  සමන්ද සිල්වා මහතා, මහනුවර ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

රතුගල  වැදි නායකයා  අභාවප්‍රාප්ත වෙයි Read Next

රතුගල වැදි නායකයා අභාවප්‍රාප්ත වෙයි

Realted Post

Leave a comment