1970 LOVE STORY චිත‍්‍රපටයේ ගීත එළිදැක්වේ

ප‍්‍රවීණ සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වූ , 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ‍්‍රයේදී සිදුවිය. මෙම අවස්ථාවට එම චිත‍්‍රපටයේ රඟපෑ හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, සඳනි ප‍්‍රනාන්දු, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා ඇතුළු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.

පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර විසින් රචිත ගේය පද රචනා, සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් රූනි සහ සුරේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කර ඇති අතර , ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක්වී ඇත.

70 දශකයේ මැද භාගයේ කන්ද උඩරට තේ වතු ආශ‍්‍රිත වතු බංගලාවක සිදුවුන සිදුවීම් පෙලක් වටා ගෙතී ඇති සුන්දර ආදර කතාවක් මෙයට පාදකව ඇත. මෙහි කැමරාකරණයෙන් චන්න දේශප‍්‍රිය, සහය අධ්‍යක්‍ෂණයෙන් දමින්ද ඞී මඩවල , සටන් අධ්‍යක්‍ෂණයෙන් වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර , නිෂ්පාදනයෙන් ආචාර්ය සමන් එදිරිසිංහ එක්වී ඇති 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ තිර රචනයද අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධන විසින් ලියා ඇත. මෙය ස්ටාර් එන්ටර්ටේන්මන්ස් සහ ඉවන්ට් පුද්ගලික සමාගමේ ඉදිරිපත් කිරීමකි.

 ඡායාරූප - දමිත් වාසල

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Previous

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Next

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

Realted Post

Leave a comment