සිරිකත කුස්සියේ රහස්

අලුත් එළවළු ගන්න නිවැරදි ක්‍රමය දැනගෙන පොළේ යන්ද?

සුපර් මාකට් එකට එහෙම නැත්නම් පොළට ගියාම අලුත් එළවළු වර්ග තෝරද්දී ටිකක් විතර අතරමං වෙනවා නේද?
එත් ඒ වෙලාවට ඉතින් වෙළඳ මහත්තයටත් ටිකක් විතර කේන්තිත් යනවා. කඩලා, කොනිත්තලා එළවළු බලද්දි. 
මෙවර සිරිකත කිචන් ටිප්ස් විශේෂාංගයෙන් ගෙන එන්නේ පොළට හරි සුපර් මාකට් එකට හරි එළවළු ගන්න ගියාම නැවුම් හොඳ එළවළු ටිකක් ගුණාත්මක බවෙන් යුතුව තෝරගන්නේ කොහොමද කියන විදිය ගැනයි. 

 

මෑ කරල් බෝංචි


තද කොළ වර්ණයෙන් යුත් ඒවා ගන්න. තද කොළ කියන්නේ  මෝරපු නැති හොඳ එළවළු. 
ලා පැහැති මහත  කියන්නේ මෝරලා. 

දඹල

ලා පැහැති  ළපටි කරල් හොඳයි.

බන්ඩක්කා  

බන්ඩක්කා බොහෝ වෙලාවට ගන්නේ තෙම්පරාදුවට හෝ වෑංජන වලටනේ ඒ වගේ වෙලාවට තෝරද්දී තද කොළ පැහැති කුඩා ප්‍රමාණයේ ඒවා මිළදී ගන්න. 
එතනදි  ලා පැහැති ඒවා සුදුසු  නොවේ.

වට්ටක්කා

සම්පූර්ණම ගෙඩිය  පිටින්ම ගන්නවනම් ලෙල්ලට චුට්ටක් තට්ටුවක් දැම්මහම තදට දැනෙනවා නම් බොල් හඬක් නැතුව එවැනි වට්ටක්කා ගැනීම හොදයි. 

මේ වගේම දැන් බොහෝ වෙලාවට දැකලා තියනවා වට්ටක්කා කපපුවත් විකුණන්න.

ඒ වගේ කෑලි ගන්නවනම් හොඳට ලස්සනට තද කහ පැහැයට තියෙන හයියට තියෙන වට්ටක්කා කෑල්ල ගන්න එක හොඳයි. 


කැකිරි


තද  කොළ පැහැති, කහ පැහැයෙන් යුත්ත ගෙඩි ඒවා  ගොඩක් හොදයි.

නමුත් ලා කහ වර්ණයෙන් තියෙන ලා කොළ පැහැයෙන් තියෙන වට්ටක්කා මෝරලා තියෙන්නේ ඒවා ගන්න එපා. 


තුඹ කරවිල  වැල් කරවිල

  තද කහ පැහැති  මෝරපු ඒවා ගන්න එපා. 
එතනදී තද  කොළ පැහැයෙන් යුත් පුංචි ළපටි ගෙඩි. ඒවා හරිම හොදයි, ඒ වගේම හරිම රසවත්. 

තිබ්බටු


නැට්ට ගාව කළු පැහැති වෙලා තියේ නම් ටිකක් පරණ පැහැති නම්  ගන්න එපා.

නැට්ට ගාව වගේම ගෙඩියත් අලුතින් කොළ පැහැය තියෙයි නම්  අලුත් පැහැති තියෙයි නම් අන්න ඒවා ගන්න ළපටි චූටි ගෙඩි තෝරගන්න. 

වම්බටු


මහත තරමක් ලොකු වම්බටු ගන්න එපා. 

නැට්ට පැත්ත අලුත් කොළ පැහැති ගෙඩිය හයිය නම් හොඳයි,එතැනදී චුට්ටක් විතර පොඩි වම්බටු ගන්න. 


අර්තාපල්, බීට්‍ රූට්, කැරට් වැනි අල වර්ග ගනිද්දී. 


උඩ පොත්ත හයියට තියෙනවා නම් ටිකක් විතර තෙතමනෙන් සහිත වගේ තියෙයි නම් මඩ ටිකක් ගෑ තියෙනවා නම් අන්න ඒ වර්ග ටික හොඳයි. 


ගෝවා


අලුත් ලස්සනට  තියෙන ඒවා නම් ගන්න යන්න එපා. 
චුට්ටක් විතර උඩ පොත්ත නරක් වෙලා චුට්ටක් විතර තැන් තැන් වල හිල් හැදිලා පණුවෝ කාපු තැන් චුට්ටක් තියෙනවා නම් අන්න ඒවා හොඳයි. ඔයාලා බලනවා ඇති ඇයි ඒ වගේ ගන්න කියන්නේ කියලා. ගෝවා කියන්නේ ගොඩාක්ම රසායන ද්‍රව්‍ය එක්ක හදන එළවළුවක් ඒ හින්දා අර වගේ පණුවෝ ගැහිච්චි චුට්ටක් නරක් වෙච්ච ඒවා  ගන්න කියන්නේ ඒවා බෙහෙත් ගහන එක සම්පූර්ණයෙන්ම නැතත් අඩුවක් තියෙනවා. 


ඇඹරැල්ලා


මතුපිට තද කොළ පැහැති, හයිය තියෙන අලුත් බවින් යුත්තේ ඒවා වෑංජන වලට හොඳයි.


අඹ

වෑංජන වලට අඹ ගනිද්දි මතුපිට තද කොළ පැහැති අලුත් පැහැති ඒවා හොඳයි.


තක්කාලි


මතුපිට පොත්ත හයියට තියෙන භාගෙට ඉදුණු ඒවා හොඳයි. ඉරිතැලුණු, වේළුණු ඒවා මිලට ගන්න එපා. 


මාළු මිරිස්

නැට්ට ගාව අව පැහැ මැළවුණූ  පරණ මාළු මිරිස් ගන්න එපා. කොළ පාටට තද ගතියෙන් තියෙන නැවුම් මාළු මිරිස් ගන්න. 


පොළොස් ගෙඩි

පොලොස් ගෙඩියේ කටු ළඟින්  තියෙන ගෙඩි පොළොස් ඇඹුලට සුදුසුයි.

කටුව තරමක් ඈතින් තියෙන ඒවා පොළොස් මැල්ලුමට හොඳයි. 


මඤ්ඤොක්කා


දින තුනක් පරණ වුණු මඤ්ඤොක්කා හොඳයි. ඔයාලා බලනවා ඇති ඇයි දින තුනක් පරණ වෙච්ච ඒවා ගන්න කියන්නේ. හේතුව ගලවපු ගමන්ම රසායනික පොහොරවලට කලවම් වුණු අල තමයි හම්බවෙන්නේ ඒ හින්දා දින තුනක් පරණ වුණු ඒවයෙ රසායන ගුණය ටික ටික අඩුවෙනවා. ඒ නිසා අලුතෙන්ම ගලවපු මඤ්ඤොක්කා ගන්නවට වඩා දින තුනක් පරණ මඤ්ඤොක්කා ගන්න එක හොඳයි. 


පලා වර්ග


පලා වර්ග ගනිද්දීත් එහෙමයි. තැනින් තැන ඉඳුණු, වේළුණු ,මැළවුණු පළා මිටි ගන්න එපා. පලා මිටිය අතරින් පතර පණුවෝ චුට්ටක් කාපු තද කොළ පැහැති මිටි හොඳයි. හේතුව රසායන ද්‍රව්‍ය අඩුවෙන් භාවිතා කරන පලා මිටි වෙනවා.


පිපිඤ්ඤා

ලා කොළපැහැති ළපටි ගෙඩි හොඳයි, මෝරපුවා එන්න එන්න සුදු පැහැති බව වැඩිවෙනවා. ඒ හින්දා ලා කොළ පැහැති ගෙඩි මිළට ගන්න එක හොඳයි. 


මුරුංගා 

දාර බේරිලා මහත මුරුංග කරල් ගන්න එපා. ළපටි කරල් ගන්න. 


ලූණු කොළ


තද කොළ පැහැති වර්ණයෙන් යුත් , ලුණු බල්බය හොඳ පාටට අලුත්ව තියන ඒවා ගන්න. 


ලික්ස්

මුල හොඳට නැවුම්ව තියෙන වගේම කොළ පැහැති නැවුම් කොළ තියෙන තද කොළ ඒවා තියෙන ඒවා ගන්න. 


බී ලූනු  සුදුලූනු


පොත්ත ගැලවුණු හයියට තියෙන පොත්ත තෙතමනේ නැති ඒවා ගන්න.


කෙසෙල් මුව
 

උඩ පොත්ත ඉවත් නොවී තිබෙන උඩ පොත්ත ගැලවුණු නැති හයිය කෙසෙල් මුව ගන්න.

උපදෙස්

ප්‍රවීණ සූපවේදනී  දේශමාන්‍ය
ජීවනී විජේසේකර (Chef Sara)

සටහන

මහේෂානි මීගහපොල

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Previous

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Next

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

Realted Post

Leave a comment