ජාතික තරුණ සේවා සභාව ඩිජිටල්කරණයට ලක් කර, ස්මාර්ට් තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම..............?

ජාතික තරුණ සේවා සභාව ඩිජිටල්කරණයට ලක් කර, ස්මාර්ට් තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම තමාගේ අපේක්ෂාව බවත්, නූතන ලෝකයට අනුකූල වීම සඳහා එය අත්‍යාවශ්‍ය බවත් එමගින් තාරුණ්‍යයට විශාල සේවයක් ඉටු කළ හැකි බවත් නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද උදෑසන (11) ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් අමතමින් පැවසීය.

තරුණ සේවා සභාවෙන් තාරුණ්‍යට ඉටු විය යුතු සේවය තව තවත් තරුණ විය යුතු බවත් ඉදිරි වසර 10 ඇතුළත ආණ්ඩුව, පාලකයා හෝ විෂයභාර අමාත්‍යවරයා වෙනස් වුවත් තාරුණ්‍යයේ අභිවෘද්ධිය උදෙසා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය. තව ද ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කාර්යාලයක කුමක් හෝ තනතුරක රැකියාවක් පමණක් අපේක්ෂා නොකර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මගින් ලෝකය දිනන්න උනන්දු වීම වැදගත් බව පෙන්වාදුන් එතුමන්, ඉදිරියේ දී තරුණ ව්‍යවසායිකයින් මිලියනයකට ලක්ෂ 10 බැගින් ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කළ බව ද සදහන් කළේය.

මෙම අවස්ථාවේ දී ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සභාව අමතමින්,

“ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනයේ මූලික වගකීම තිබෙන ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. දැනට මාස ගණනාවකට කළින් අඩපණ වෙලා තිබුණ ජාතික තරුණ සේවා සභාවට නැවත පණ දෙන්න අපට හැකියාව ලැබුණා. තරුණ සේවා සභාව තරුණයන්ට විවෘත නොවී තිබීම මත සමාජයේ බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. නමුත් දන් එම තත්තවය වෙනස් වෙලා තිබෙනවා. ජාතික තරුණ සේවාව 2024 වර්ෂයේ දී තරුණයන් වෙනුවෙන් බොහෝ වැඩසටහන් සංවිධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. තරුණයන් ස්මාර්ට් කිරීම අපගේ මූලික අදසයි. ඒ වගේම මේ වසර තරුණ සේවා සභා ඉතිහාසයේ හොදම වසර කිරීම මාගේ අරමුණ” යැයි පැවසීය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාතාංශයේ ලේකම් කේ. මහේෂන්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නවීන්, යොවුන් පාර්ලිමේන්තුවේ අගමැති පැතුම් රණසිංහ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Previous

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

CHUTNEY Read Next

CHUTNEY

Realted Post

Leave a comment