සාදයට අඳින්න ඔබ කැමති විදිහට Barbie themed Party frock

Barbie themed party ගවුම් තරුණියන් අතර ඉතා ජනප‍්‍රිය යි. එහෙත්  ඕනෑම විලාසිතාවක් මොන තරම් ලස්සන වුණත් ඊට ගැළපෙන්න අනෙක් ආයිත්තම් සූදානම් නොවුණොත් බලාපොරොත්තු වෙන පෙනුම එකතු කරගන්න අපහසුයි. ඒ නිසා මෙවර Barbie themed party  ගවුම් විලාසිතාවෙන් ඔබට අංග සම්පූර්ණ පෙනුමක් එකතු කරගන්නේ කෙසේදැයි බලමු.

ගවුමේ හැඩය 

දිගු හෝ කොට ගවුමකට වඩා පෙනුමක් මෙවැනි long-tailed short dress එකකින් ඔබට ලබා ගත හැකිය. දිග ගවුමකින් elegant look එක වගේම කොට ගවුමකින් වයස බාල කරන පෙනුමක් ද ඔබට ලැබේ. විශේෂයෙන්ම මෙම ගවුමේ වර්ණය warm pink එකට වඩාත් කිට්ටු ය. මෙම වර්ණය සමකය ආසන්න රටක සිටින අපේ සමේ පැහැයට වඩාත් ගැළපෙයි. ඡුායාරූපයේ, දිලිසෙන sequins ඉණපටියක් ලෙස දැක් වේ. එමගින් මෙම ගවුමේ පෙනුමට අලංකාරයක් එක්කර ඇත. ඔබ දිලිසෙන ඇඳුම්වලට වැඩි ඇල්මක් දක්වන්නේ නම් මෙම ගවුමේ පහළ කොටසෙහි ඇති plain tulle රෙද්ද වෙනුවට shiny tulle රෙද්දක් යොදා මසාගත හැකිය. 

ආභරණ 

මෙහිදී ගවුමෙහි ඇති shiny sequins වල වර්ණය පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය. එවැනි අලංකාරයක් ඇති විට එහි වර්ණයට සමාන වර්ණයකින් ආභරණ ගළපාගත යුතුය. මෙම රූපයේ sequins ඉණපටිය silver සහ සුදු මිශ‍්‍ර බැවින් silver colour sparkling කරාබු සහ මාලයක් පැලඳිය හැකි ය. මෙම plunging neckline  එක ඔබට වඩාත් ඉස්මතු කර දැක්වීමට අවශ්‍ය නම් දිගු මාලයක් සහ දිගු කරාබු යුගලක් පලඳින්න. කරෙහි හැඩය ඉස්මතු කර දැක්වීමට අවශ්‍ය නොවේ නම් කුඩා කරාබු දෙකක් සමග Chocker නැතිනම් ගෙලට තද වූ ගෙල වටා යන මාලයක් පැලඳීමට හෝ දිගු කරාබු යුගලක් පමණක් පලඳින්න. 

බෑගය

බෑගය ද ඔබේ ආභරණ සහ ගවුමේ පැහැයෙන් තෝරාගැනීමට හැකි නම් වඩාත් උචිතය. එසේ කිරීමේදී ඔබට එම බෑගය භාවිත කළ හැක්කේ මෙම ගවුමට පමණි. එම නිසා ආභරණවල රිදී පැහැයෙන් බෑගයක් තෝරාගන්න. එවිට රිදී පැහැති ආභරණ පලඳින වෙනත් උත්සව අවස්ථාවකට වුව ද ඔබට එම බෑගය රැගෙන යා හැකිය.  clutch බෑගයක් හෝ shoulder purse එකක් මෙවැනි ගවුමකට වඩාත් ගැළපෙයි.

පාවහන් 

මෙහිදී ගවුමේ පැහැයෙන්ම හෝ ඔබගේ ආභරණවල වර්ණයට ගැළපෙන සේ පාවහන් තෝරා ගැනීම වැදගත් ය. තවද රූපයේ දැක්වෙන ආකාරයේ platform heels යුගලකින් මේ විලාසිතාව වඩාත් අලංකාර කර ගැනීමට පු`ඵවන’

මේක්අප්

ඇඳුම වගේම ඔබගේ ලස්සන වැඩි කිරීමට උදවු වෙන්නේ මේක්අප් එකය. ඒ සඳහා ඇඳුමෙහි වර්ණය සමග වඩාත් හොඳින් ගළපාගත යුත්තේ eye makeup එකයි. Contact lenses තුළින්ද ඔබගේ ඇස්වල ලස්සන තීව‍්‍ර කරගත හැකි ය. Lipstick  ගැල්වීමේදී ඇඳුමෙහි වර්ණයටම lipstick වර්ණය තෝරාගත යුතු නැත. ඇඳුමෙහි වර්ණයට වඩා තද පැහැයක් දෙතොල්වලට ආලේප කරන්න. ඔබගේ makeup මේක්අප් outfit  එකට ගැළපීමෙන් ඔබට කැපී පෙනෙන පෙනුමක් ලබා ගැනීමට පුළුවන.

සටහන - නයනා උදයංගනී 

 

 

MY STYLE  with  ශාලිකා Read Previous

MY STYLE with ශාලිකා

CHUTNEY Read Next

CHUTNEY

Realted Post

Leave a comment