ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්?

උපදෙස් - මුතුහාරී අත්තනායක විලාසිතා නිර්මාණවේදය සහ නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිධාරිනී

තත්ත්වය, අලංකාරය මත පමණක්ම නොව ගුණාත්මකභාවය සහ පරිසරහිතකාමී බව රඳවා ගනිමින් ලෝකයේ විලාසිතා නිර්මාණ බිහිවෙමින් පවතී. ඒවාට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ද පවතී. එසේ වන්නේ ඒවා පරිසරයට පමණක් නොව මිනිස් සිරුරටද හානිකර නොවෙන විදියට නිර්මාණය වන නිසාය ලිනන් සහ කපු රෙදි ද එසේ ඉහළ මිල ගණන් සහිතව විලාසිතා මවන ජනප්‍රිය රෙදි වර්ගය.

ලිනන් රෙදි නිර්මාණය වෙන්නේ කොහොමද?

ලිනන්වලින් සැකසූ විලාසිතා කළත්, ලිනන් නිර්මාණය වෙන්නේ කොහොමද කියා ඔබ නොදන්නවා විය හැකි ය. ඉතාමත් සැහැල්ලු සහ සනීපයක් ගෙන දෙන ලිනන් රෙදිවලද ඇත්තේ හිතකර නිමාවකි. ලිනන් නිපදවන්නේ හණ ශාකයෙන්  ගන්නා තන්තුවලිනි. සම්ප්‍රදායික කපු වගාවට මෙන් නොව හණ ශාකයට ජලය, බලශක්තිය, පළිබෝධනාශක, කෘමිනාශක සහ පොහොර වැනි සම්පත් අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙනි. ආහාර බෝග වගා කිරීමට නොගන්නා දුර්වල පසෙහි වුවද හණ ශාඛය පහසුවෙන්ම වර්ධනය කරගත හැකි වේ. දුෂිත පස වුවද  හණ වගාව නිසා නැවත යථා තත්ත්වයට පත්කරගත හැකි ය. 
හණ පැළෑටියේ කාබන් අවශෝෂණයද ඉහළ මට්ටමක පවතී. මේ නිසාම ලිනන් කාබනික වගාවන්ටත් වඩා පරිසරහිතකාමී රෙදිපිළි ලෙස සැලකෙයි.  ලිනන්, කපු වැනි ඇඳුම් විලාසිතාවල මිල අධිකවීම ගැන මැසිවිලි නැගුනත් පරිසර හිතකාමී ලෙස වගා කටයුතු කරමින් ඒවාගෙන් නෙළාගන්නා අස්වැන්නට තාක්ෂණික ක්‍රම යොදාගනිමින් දිගු ගමනකින් අතතුරුව සාප්පුව වෙන පැමිණෙන මේ විලාසිතාවල වටිනාකම ඉහළයාම පුදුමයක් කරුණක් නොවන බව දැන් ඔබට පැහැදිලි ඇති. 

කාබනික කපු? 
කාබනික කපු, රෙදිපිළි සඳහාම මහා පරිමාණයෙන් වගා කිරීම සිදු වේ. මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික කපුවලින් නිපදවෙන රෙදි වගේම කාබනික කපු රෙදිවලද පවතින්නේ සමාන ගුණාත්මකභාවයක් වීමයි. සාම්ප්‍රදායික කපු නිෂ්පාදනයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග බොහෝමයක් ජය ගැනීමට කාබනික ක්‍රමයේදී හැකියාව ලැබී ඇත.
පරිසර හිතකාමී ලෙස නිර්මාණය වන රෙදිපිළිවල වැඩි ප්‍රමාණයක් ඇත්තේ ශාක පදනම් කරගත් කෙදි ය. ඒ නිසාම මේවා නිර්මාණය වීමේදී මෙන්ම පාවිච්චියට ගැනීමේදීත් අඩු පාරිසරික බලපෑමක් සිදු වේ. මේ අතරින් පරිසර හිතකාමී රෙදි පිළි නිර්මාණයට ගන්නා ප්‍රධානම අමුද්‍රවයක් විදියට කාබනික කපු හැදින්විය හැකිය..

සුපිරි සාප්පුවලින් ඔබ මිලදී ගන්නා වටිනාකමින් ඉහළ රෙදිපිළි වූ කපු, ලිනන් ආදී රෙදිපිළි නිර්මාණය වන්නේ ඉතා පහසු ක්‍රමයකට නම් නොවේ. තමන්ට අවශ්‍ය්‍ය විලාසිතාව පහසුවෙන්ම තෝරාගෙන මුදල් ගෙවා නිවසට රැගෙන ආවත් එම නිර්මාණයේ වටිනාකම පිටුපස විශාල ශ්‍රමයක් තිබේ. විශේෂයෙන් කපු රෙදිපිළි සඳහා වගාකෙරෙන කාබනික කපු පළිබෝධනාශක, කෘමිනාශක හෝ විවිධ පොහොර වර්ග භාවිතා නොකර වගා කෙරේ. සාම්ප්‍රදායික ක්‍රමයේදී මෙන් නොව කාබනික ගොවීන් පස සංරක්ෂණයට කිරීම සඳහා බෝග මාරු කිරීම, මිශ්‍ර ගොවිතැන ඇතු`ඵ විවිධාකරයේ පාරම්පරික ගොවිතැන් ක්‍රම යොදා ගනී. ඒ වගේම කාබනික කපු සඳහා 71% ක පමණ අඩු ජලයක් භාවිත කරයි.

ඇඳුම් මිලදී ගන්න යන ඔබට ලිනන්, කපු විලාසිතා සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිදුවන්නේ ඒ සඳහා විශාල ශ්‍රමයක් වැය කිරීමට සිදුවන නිසයි. එමෙන්ම ඒවායේ බැලූ බැල්මට සිත් ඇදගන්නා සු`ඵබවක් නොපෙනුනද උසස් තත්ත්වයක් සහ ගුණාත්මකභාවයක් ඇති නිසා වටිනාකම සහ තත්ත්වයද උසස් යැයි කිව හැකිය.

සටහන නයනා උදයංගනී
    

 

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Previous

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Next

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

Realted Post

Leave a comment