හිතේ සැහැල්ලුවට - මිතුරු හමුවට Oversized T – Shirt

Oversized ටී-ෂර්ට් විලාසිතා කියන්නේ වයසින් අඩු ගැහැනු ළමයි අතර වගේම කාන්තාවන් අතරත් ඉතා ජනප්‍රිය විලාසිතාවකි. විශේෂයෙන්ම මහත අයටත් කෙට්ටු අයටත් හොඳින්ම ගැළපෙන විලාසිතාවක් නිසා ඔවර් සයිස් ටී ෂර්ට් විලාසිතාවට වැඩිදෙනෙක් කැමැත්තක් දක්වයි. ඒ වගේම සැහැල්ලු විලාසිතාවක් ලෙස ඉක්මනින්ම හැඩ වියහැකි නිසාත් එදිනෙදා ගමන් බිමන්වලදී ගමන් පහසුව ඇති විලාසිතාවක් නිසාත් මේ විලාසිතාවට වැඩි ජනප්‍රියත්වයක් හිමි වී තිබේ. නිමක් නැති හැඩගැන්වීම් හැකියාවක් තිබෙන මේ විලාසිතාව නිවැරදිව අඳින්නේ කොහොමද කියලා බලමු.

Oversized ටී-ෂර්ට් විලාසිතාවේ සරලම විලාසිතාව වන්නේ තනි වර්ණයේ ටී ෂර්ට් ය. එය loose-fitting පෙනුම ලබා දෙන අතර ඇිඑැරබ ඉදදඑි හෝ ඔබේ උසට ගැළපෙන යැැක එකක් භාවිතා කිරීම වඩාත් ගැළපෙයි. 

මෙම Oversized ටී-ෂර්ට් බ්ලේසර් එකක් සමග හැඩගන්වා ගැනීමේදී විශාල ටී-ෂර්ට් එකක් සමග බ්ලේසර් එකක් පැලඳීම උසස් සහ වෘත්තීය ආකර්ෂණයක් ලබා දෙයි. ඔබේ පෙනුම විලාසිතාවකින් යුක්තව තබා ගැනීමට, විශාල සුදු ටී-ෂර්ට් එකක් සමග කළු පැහැති බ්ලේසර් වැනි ප්‍රතිවිරුද්ධ පාටකින් ඇඳීම වඩාත් සුදුසුයි. ඔබට වඩාත් හැඩකාර පෙනුමක් ලබා දීම සඳහා කමිසය ඇතුළට දමා ඔබේ ඉණ වටා ඉැකඑ එකක් පැලඳිය හැකිය. ඔබට මෙම ඇඳුම ිැපස-දෙරප්ක හෝ ිප්රඑ ජ්ිම්ක වර්ගීකරණය යටතේ ඇඳිය හැකිය. 

උණුසුම් දිනවලදී ඔමජනැා දඩැරිස‘ැා ටී-ෂර්ට් එකක් සමග බැගී කොට කලිසමක් ජයමබනහ මාලයක් වඩා හැඩකාර පෙනුමක් ලබාදෙයි. මේ සඳහා පාට තෝරා ගැනීමේදී, කළු-සුදු පැහැයෙන් ගළපා ගැනීම වඩාත් යෝග්‍ය වේ.

එමෙන්ම ඩෙනිම් කලිසමක් සමගද මෙම විලාසිතාව ගළපාගෙන සවස් වරුවේ මිතුරු හමුවකට වැනි අවස්ථාවකදී භාවිතා කළ හැකිය. වෙහෙසකින් තොරව සහ ලිහිල් හැඟීමක් සඳහා මෙය හොඳින් ගැළපෙයි. එහෙත් කෑලි දෙකෙහිම වර්ණය, සැකැස්ම සහ සිල්වට් එක සලකා බලා ඔබට ගැළපෙන නිවැරදි වර්ගයේ ජීන්ස් තෝරා ගැනීම කළ යුතුය.

දිවා කාලය සඳහා, ඔබේ ටී-ෂර්ටයෙහි අත් නමා ළා පැහති wide leg jeans fyda boyfriend jeans එකක් සමග mules heel සපත්තු යුගලයක් තෝරා ගැනීම කළ යුතුය.

මෙම විලාසිතාව කලිසමක් සමග භාවිතා කිරීමේදී, කලිසමට සමාන වර්ණයෙන් යුත් ටී ෂර්ට් එකක් තෝරා ගත යුතුය. ඒවා මුද්‍රණය කර ඇත්නම්, මුද්‍රණයෙන් එක් වර්ණයක් පමණක් තෝරන්න, පෙනුම අඩු කිරීම සඳහා උදාසීන පැහැයක් තෝරාගැනීම සුදුසු වේ.

Oversized ටී ෂර්ට් එකක් සමග සායක් ගැළපීමේදී සාය තරමක් ඉහළ ඉණ සහිතවීම වාඩාත් යෝග්‍ය වේ. සුදු ටී-ෂර්ට් හෝ සරල කළු වැනි සම්භාව්‍ය උදාසීන පැහැයක් තෝරාගත හැකිය.

Oversized ටී-ෂර්ට් සමග සිනිඳු ස්ලිප් සායක් හෝ  straight-leg අඳුරු පැහැති ජීන්ස් එකක් සමග චන්කි බූට් භාවිතා කළ හැකිය. මෙම ටී ෂර්ට් ගවුමක් ලෙස ඇඳීමද මේ දිනවල බොහෝ ජනප්‍රිය විලාසිතාවකි. එහෙත් එමඟින් පාද  නිරාවරණයවීමට අවශ්‍ය නැතිනම් දණහිස දක්වා උස බූට්ස් සපත්තු හෝ දණහිසට ඉහළින් ඇති බූට් යුගලයක් භාවිතා කිරීමෙන් මෙම විලාසිතාව සාදයකට වුවද වඩාත් ආකර්ෂණීය කරගත හැකිය.

නයනා උදයංගනී

 

 

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Previous

ලොව ළාබාලතම බිලියනපතිනිය

MY STYLE with   ටනාෂා Read Next

MY STYLE with ටනාෂා

Realted Post

Leave a comment