එළවලු සහා පළතුරුවල ............

අදහස් දැක්වීම

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරබේ

පුද්ගලික ආහාර වේලෙහි එළවළු සහ පළතුරු අඩංගු වීම ආහාරයට ගන්නා කැළරි ප්‍රමාණය අඩුකිරීමට බලපායි. එයින් සිරුර අනවශ්‍ය තරබාරුවීම පාලනය වළකයි. එවගේම තෘප්තිමත් ආහාර වේලක රස බැලිමටද ලැබෙනු ඇත.
එලවළු සහා පළතුරු වල විටමින් C/ විටමින් A බීටා පොටීන් සහා විටමින් E වැනි ප්‍රතිඔක්සිකාරක ඇතුළත් වී තිබිමෙන් ශරිර ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය ද වැඩි කරයි. මේ නිසා එළවළු සහා පළතුරු අපේ ආහාර වෙලෙහි නැතුවම බැරි අංගයක් වෙයි.
දකුණු ආසියාතික රටවල් සියල්ලම පාහේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට වඩා ඉතා අඩු එඑළවළු සහා පළතුරු ප්‍රමාණයක් පරිබෝජනය කරන බව පැහැදිලියි. මෑත කාලීන ක්‍රමානුකුල සමාලෝචනයක් මගින් දකුණු ආසියාතිකයන් ස්ත්‍රි/පුරුෂ භේදයකින් තොරව දිනකට පළතුරු වර්ග 0.1 ත් 2ත61 ත් අතර ප්‍රමාණයක් පරිබෝජනය කරයි. ශ්‍රී ලංකාව සහා බංගලාදේශය එළවළු හා පළතුරු අඩුම පරිබෝජනයක් (දිනකට වරකදි ආහාරයට ගත යුතු ප්‍රමාණයෙන් 43% පමණ) සිදුකරන බව වාර්තාවෙයි. මෙසේ අඩු ප්‍රමාණයක් එළවළු සහා පළතුරු පරිභෝජනයට හුරුවී සිටින අපි එම ආහාරයට ගන්නා සුළු ප්‍රමාණය වුවද සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවා අපේ ආහාරය ලෙස උපයෝගී කරගන්නවාදැයි සොයා පැලීම ඉතා වැදගත් කාරණයකි.
පළිබෝධනාශක සහා පොහොර වල අවධිමත් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝමයක් රටවල නිෂ්පාදනය කරන එළවළු සහා පළතුරු වල ගුණාත්මකතාවය සහා ආරක්‍ෂාව තර්ජනයකට ලක්ව ඇතිබව පැහැදිලි වේ.
සාමාන්‍යයෙන් මේවා සැපයුම් සහා අගය දාමයන්හි පවතින සමස්ත දුර්වල ක්‍රියාකාරීත්වය සහා භාවිතයන් හේතුවෙන් සිදුවේ. මෙම ගුණාත්මකභාවය සහා ආරක්‍ෂාව තහවරු කිරීමට එළවළු සහා පළතුරුද ඇතුලුව බෝග නිෂ්පාදනයේ සිට පසු අස්වනු නෙලන අවධිය දක්වා ඒවා පරිබෝගිකයා කරා ලගාවීමේදී කරන අදාළ පාර්ශකරුවන්ගෙන් වෙන්වා වූ මැදිහත්වීම අවම බවට බෙහෝවිට මැසවිලි නැගේ. දුර්වල පසු අස්වනු පිළිවෙත් නිසා පළතුරු සහා එළවළු 30- 40% කින් පමණ අපට අහිමි වන බව බොහෝ පර්යේෂණ දත්ත පෙන්වා දෙයි. නිෂ්පාදකයින් අතර ශාක සනීපාරක්‍ෂණ අවශ්‍යතා වල වැදගත්කම පිළිබඳ දැනුවත්භාවයේ ඌණතාවයක් පවති. අදාළ පුහුණුව දුර්වල හා තාවකාලික වෙයි. අදාළ ශාක සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ දැනුම මෙන්ම ඒවා පරික්‍ෂා කිරීමට සහා සහතික කිරීමට ප්‍රමාණවත් පරික්‍ෂණ පහසුකම් දේශියව නොමැති වීම එම ගැටලු මඟ හරවා ගැනීමට බාධාවක් වන අතර එම කටයුතු කිරීමේදි වන පිරිවැය සහා ප්‍රමාදයන්ද වැඩික රයි. නිසි පළිබෝධ අවදානම් විශ්ලේෂණ පද්ධතියක් නොමැතිකම සහා සියලු පර්ශවකරුවන් අතර මහා සම්බන්ධිකරණයක නොමැති වීමද මෙවන් කටයුතු වලදි අහිතකර ලෙස බලපා ඇති බව පෙනේ.
ආහාර සුරක්‍ෂිතාව මෙන්ම ආහාර වර්ගවල ආරක්‍ෂිත බව පිළිබඳ ගෝලීය අවධානය වර්ධනය වෙමින් පවති.
ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් වුවද පළිබෝධනාශක පිළිබඳ දැඩි රෙගුලාසි බලාත්මක කිරීමටද මෙය ද හේතු පාදකවී ඇත. 
2018 වර්ෂයදි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක ශ්‍රී ලංකාවේ එළවළු සහා පළතුරු වල පළිබෝධනාශක අවශේෂ තැන්පත් වීම පිළිබඳ වැදගත් සමාලෝචනයක් සිදුකර ඇත. ජනප්‍රියව වගා කරන සහා ආහාරයට ගන්නා කොළ එළවළු වර්ග දෙකකින් මුකුනුවැන්න සහ ගොටුකොළ සාම්පල මහනුවර පුත්තලම සහා කළුතර දිස්ත්‍රික්කවල පිහිටි කෙත්වලින් රැස්කර පළිබෝධනාශක පහකට (Chlothalonil, Phenthoate, Profenophs, fipronil, Tebuconazole) එරෙහිව අවශේෂ අන්තර්ගතයන් ඇගයිම එම පර්යේෂණතුලදි සිදුකර ඇත.
කළුතරින් ලබාගත් සාම්පලවලින් 40% ක් පුත්තලමෙන් 40% ක් සහා මහනුවර ප්‍රදේශයෙන් ලබා ගත් එම එළවළු සාම්පල වලින් 20% ක් හා ඉහත සඳහන් පළිබෝධනාශක අවශේෂ තෝරාගත කොළ එළවළු වර්ග දෙකෙහි නොහැත වුවද ඉදිරි ප්‍රතිපත්ති විධාන සඳහා විද්‍යාත්මක පදනමක් සැපයිමට මෙම සාම්පල ලබා ගත් දිස්ත්‍රික්ක තුනට අතරව මෙවන් පරික්‍ෂාවන් අනෙකුත් දිස්ත්‍රික්කතුළ සිදුකිරීම වැදගත් බව මෙහිදී වැදගත් වේ. පළිබෝධනාශක දීමේ පෙර අස්වනු කාලය සති දෙකකට හෝ තුනකට වඩා පවත්වා ගෙන යාමද වැදගත් වන බව මෙහිදී සඳහන් කළ යුතුයි.
එමෙන්ම 2019 වසර ජාතික විගණන වාර්තාව මගින්ද පළතුරු සාම්පල වලින් 4% ක් එළවළු සාම්පල වලින් 33% ක් සහා කොළ එළවළු සාම්පල වලින් 63% ක් පළිබෝධනාශක වලින් අපවිත්රණය වී ඇත බව පෙන්වා දී ඇත.
අමු පළතුරු විකිණීම සඳහා ඉක්මණින් ඉදවිමට රසායනික ද්‍රව්‍ය භාවිතය දැන් වැඩිවෙමින් පවතිනබව වාර්තා වේ. මේ සඳහා බොහෝවිට වාණිජව ලබාගත හැකි එතෆොන් නැමැති රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. පළතුරු වලට එතෆෝන් ඉසිම තුළින් පළතුරු ඉදිමට උපකාරවන එතලීන් බවට පරිවර්තනයක් වීමත් සිදුවෙයි.
පළතුරු ඉදිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඇති හැකියාව නිසා එතලීන් භාවිතය සාධාරණීකරණය කළ හැකි වුවද එය පළතුරු නරක් වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහා කල්තබා ගැනිමේ කාලය අඩු කිරිමෙන් හානිකර තත්ත්වයක ඇති කළ හැක. එම හානියේ ප්‍රමාණය රදා පවතින්නේ එතලීන් සාන්ද්‍රණය පළතුරු එයට නිරාවරණ කාලය සහා නිෂ්පාදන උෂ්ණත්වය මතය.
පළතුරු වාණිජ පරිබෝජනයට යොදා ගැනීමේදි එතලින් භාවිතය එම පළතුරුවල ස්භාවිකව ඉදවීම උත්තේජනය කිරීමට පමණක් යොදා ගැනීමට නිර්දේශ කර ඇති අතර පළතුරු එතලින් වාසුව සහිත ගබඩා කාමරයක තබා කුඩා ප්‍රමාණවලින් ඉසීමට ඉතා දිය යුතුයි.
එහි අවභාවිතය නැවැත්වීම පළතුරු වල ගුණාත්මක සහා රසය රැක ගැනීමට උපකාරිවෙයි.
පළිබෝධනාශක ද ඇතුලු අනෙකුත් කෘෂි රසායන නිසි කළමණාකාරිත්වයකින් යුක්තව නොයෙදුවහොත් දේශීය පරිබෝජනයට මෙන්ම අපනයන වෙළඳාමට මෙම තත්වයන් තර්ජනයක් වනු නොඅනුමානය. රජය මගින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රචලිත කිරීමට දරණ උත්සහායද මෙවන් තත්ත්වයන් මඟ හරවා ගැනීමට උපකාරිවේ. නිෂ්පාදකයා මෙන්ම පරිබෝගිකයාද ඇතුලුව සමස්ත ආහාර පද්ධතිය තුළ සෑම පර්ශකරුවෙක්ම මෙයට සක්‍රියව දායක විය යුතුයි.
සටහන මහේෂානි මිගහපොල.

MY STYLE  with  ශාලිකා Read Previous

MY STYLE with ශාලිකා

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා Read Next

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා

Realted Post

Leave a comment