මේ දිනවල සිරුර පරා පවතින බිබිළි - දහදිය බිබිලවලට සමාන රෝග

අදහස් දැක්වීම: වෛද්‍ය නිලධාරි දුලාජ් රණසිංහ දරුවන් අතර කාලයෙන් නව ඡන්ම ළදරු ඒකකය අනුරාධපුර ශික්ෂණ රෝහල මතුවීමේ හැකියාව වෙනදාට වඩා වැඩි ප්‍රවණතාවයක් පවතියි. එනම් ඔබේ දරුවාව ප්‍රවේශම්කර ගන්නේ කෙසේද යන්න වෛද්‍යතුමාගෙන් විමසා බලමු. 

♦ මේ දිනවල සිරුර පූරා පවතින බිබිළි හට ගැනීමට හේතු.
දරුවන් අතර වෛරස් ආසාදන ඇතිවීම බහුලයි. වැසි කාලය එහෙම නැත්නම් වියළි කාලයදී වෛරස් ආසාධන ඇතිවීම බහුලයි. වෛරස් ආසාධන කුඩා දරුවන්ට ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස බලන්නේ දෙමව්පියන්ගෙන්,පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාසල් වැනි ස්ථානවලින් ඇතිවීමට පුළුවනි. එයට හේතුව වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන නිසා පහසුවෙන් බෝවීමේ හැකියාව පවතියි. දරුවන්ට ඇතිවන වෛරස් ආසාධන මරාන්තික නොවෙයි. සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස තමයි හටගන්නේ. මෙතනදි ද්විතික බැක්ටිරියා ආසාධන ඇතිවීමේ අවදානම පවතියි. එතැනදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරද්දී වෛද්‍යවරයකු ලෙස දකින දෙයක් තමයි සමේ  බිබිලි/ රතු ලප වැනි ලක්ෂණ මතුවී තිබීමයි.

 ♦ රෝග ලක්ෂණ
සාමාන්‍ය උණත් ලෙස තමයි මතුවන්නේ, සෙම්ප්‍රතිශාව,කැස්ස, උගුර රිදිම්, කෑම අරුචිය, ආහාර ගිලිමේ අපහසුවව, ඒ සමඟසම බිබිළි තත්ත්වය හෝ රතු පැහැති ලප වැනි මතුවෙන්න පුළුවනි. මෙහි තියන ලක්ෂණයක් ලෙස කැසීමක් මතුනොවෙයි. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවෙයි.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව,උණ වැනි තත්ත්වයට ප්‍රතිකාරයක් ලබාදීමෙන් මෙම තත්ත්වය මඟහැරීම සිදුවෙයි. මෙතනදි මෙවැනි රෝග ඇති වූ විට ආහාර/දියර වර්ග ලබාදීම අවශ්‍යයි.  උණ තියන අවස්ථාවලදී දියර වර්ගයක් ලබාදීම වැදගත් වෙයි. එහෙම  නොවුණහොත් විජලනය තත්ත්වයට පත්වීමේ අවදානම පවතියි.
නමුත් තද කැසීමක් සමග ශරීරයේ රතුලප මතුවේනම් ඒ ැන දැඩි අවධානමක් යොමුකළ යුතුයි. එයට හේතුව තමයි රතුලපත් එක්ක වෙනත් රෝග මතුවීමේ අවධානම පවතියි. වෛරස් අ ාසාධන මතු වී තිබෙන කාලයක මෙවැනි රෝග ගැන අවධානම ගිලිහීයාමට වෛද්‍යවරයකු වෙත යොමුවී නිසි ප්‍රතිකාර ලබා වැදගත් වෙයි. වෛරස් ආසාධනයක් නිසා මතුවන සාමාන්‍ය තත්වයක් නම් ඒ සඳහා බියක් ඇතිකර ගැනීම අවශ්‍ය  නොවෙයි. ඖෂධ ප්‍රතිකාර ලබා හොඳින් දින කිහිපයක් විවේකීව සිටීමෙන් සම්පුර්ණ  සුවය ලබා ගැනීම පුළුවනි.

♦ ප්‍රතිකාර වගේම යහපත් මානසික කායික සුවයක්  අවශ්‍යමයි.
පළමුකාරණය තමයි දෙමව්පියන් වකීමක් විය යුතුයි. දරුවාව මෙවැනි අසනීප  තත්ව මතුවී ඇත්නම් අඩුම තරමේ දින 2-3ක්වත් කාලය දරුවාව විවේකිව තබා ගැනීම කළ යුතුයි. 
අපි දකිනවා යම්තම් සෙම/ සෙම්ප්‍රතිශ්‍යාව තිබියදි දරුවාව පෙර පාසල් /දිවා සුරකුම් මධ්‍යස්ථාන/ පාසල් යවයි. එතනදි එක් කාරණයක්  තමයි දරුවාගේ අසනීපය සුව වීමට කාලය ගතවීම සිදුවෙයි. දරුවා වෙහෙසට පත්වන නිසාවෙනි. ඊළඟ කාරණය තමයි රෝගය වේගයෙන් අන් දරුවන් අතර පැතිර යාම සිදුවෙයි. ඒ වගේම මෙවැනි අවස්ථාවලදී දරුවා ආහාර  පාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි.
එතනදී දරුවා කැමති ආහාර පාන  ලබාදී නිසි පෝෂණය ලබාදීම කළ යුතුයි. උණ තිබෙන අවස්ථාවදී හොඳින් දියර වර්ග  පානයට ලබාදීම මඟින් විජලනය තත්ත්වය මඟහැරී උණ නිසා ඇතිවන අතුරු ප්‍රතිපල මඟ හැරී යයි. 

ඒ වගේම පැරසිටමෝල් භාවිතය ගැනත් ඔබ සැළකිලිමත් වීම වැදගත් වෙයි. සමහර දෙමව්පියෝ උණ තිබෙන අවස්ථාවදි පැරසිටමෝල් වැඩි මාත්‍රාවෙන් මාත්‍රාවට  ලබානෙ අවස්ථා තිබෙයි. ඒ වගේම පැරසිටමෝල් පැය 6 පෙර ලබාදීම නොකළ යුතුයි. ඒ නිසා නිවැරදි මාත්‍රාවට පැරසිටමෝල් ඖෂධය ලබාදීම වැදගත් වෙයි. අධි මාත්‍රාවට දරුවාට පැරසිමෝල් ලබාදීම තුළ අක්මාවට හානිදායක විය හැකියි.
සාමාන්‍යයෙන් දරුවකුට වෙනත් ගැටලුවක් නොමැතිව  දියර වර්ග/ආහාර වර්ග ලබාදීමට හැකිනම් උණ අ ඩු වූ වේලාවට හොඳින් ක්‍රියාශීලිව ඉන්නවානම් දින 2ක් පමණ පැරසිටමෝල්  ඔඬෂධය නිවැරදි මාත්‍රාවට (පැය 6කට වරක්) ලබාදීම කළ හැකියි. දින 2කට වඩා උණ පවතීනම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගැනීම  වැදගත් වෙයි. සාමාන්‍ය උණට අමතරව මේ කාලයදී ඩෙංගු වැනි රෝගද ඉස්මතු වන පවතීනම්  රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම අවශ්‍යයි. දින 3කින් උණ පවතීනම් වෙනත් රෝග ලක්ෂණ මතුවීමක් තිබෙයි නම් රුධිර පරීක්ෂාව සිදුකරන අවස්ථා තිබෙයි.
♦ ආහාර පානත් වැදගත් නේද?
දියර වර්ග ලබා දිමේදි ලවණ වර්ග වැඩිපුර ලබාදීම යෝග්‍යවෙයි. පළතුරු යුෂ, මව්කිරි බොන දරුවකු නම් අනිවාර්යෙන්ම මව්කිරි ලබාදීම කළ යුතුයි.  වමනය වැනි තත්ව පවතීනම් ජීවනි ලබා දීමට පුළුවනි. ජීවනි වලින්  ලවණ වර්ගයන් ලබාදෙයි. ආහාර වර්ග ගතහොත් මව්කිරි වැඩිපුර ලබාදීම මේ අවස්ථාවදී දරුවා  කෑම ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවා කැමති ආහාර වර්ග ලබාදීම කළ යුතුයි. ශක්තිය වඩන ආහාර ලබාදීම වැදගත් වෙයි.

♦ ඖෂධ ලබා දෙනවාට අමතරව අත් බෙහෙත් ලබාදීම සුදුසුද?
කුඩා දරුවන්ට අත් බෙහෙත් ලබාදීම බොහොසෙයින් ප්‍රවේශම් විය යුතුයි. අත් බෙහෙත්  ලබාදීම මඟින් මීට වඩා දරුණු රෝග තත්ව මතුවිය හැකියි. ඖෂධ ලබාදෙන අත් බෙහෙත් ලබාදීමෙන් අතුරු ආබාධ,අසාත්මිකතා වැනි දෑ ඇති කිරීමට හැකියි. සමේ බිබිළි වැනි තත්ව මතු වූ විට දෙමව්පියෝ බිය වී සමහර ආලේපන වර්ග භාවිත කරයි. එතනදි සමේ තියන බිබිළි,ලප වලට විශේෂ ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවෙයි. වෛද්‍යවරයා නියම කාලානම් ආලේප වර්ග ලබාදි ඇත්නම් එය ආලේපය සුදුසුයි.

 ♦ රෝගය සෑදි ප්‍රතිකාරවලට යනවාට වඩා පහසුයි එම තත්ත්වය වළක්වා ගැනීම.
දෙව්පියෝ පිටතට ගොස් ආ විගස හොඳින් ස්නානය හෝ ඇඟපත සෝදා පිරිසිදු වී දරුවාව ස්පර්ශ කිරීම වැනි දෑ කිරීම සුදුසු වෙයි. බාහිර පරිසරයට යනවානම් අපිට මුඛ ආවරණ/ සැනිසයිටර් වැනි දෑ භාවිතය යෝග්‍යවෙයි.  
එ වැනි දෑ අනුගමනය තුළින් මෙවැනි රෝග වලින් වැළකි සුවපත්ව සිටිය හැකියි.

සටහන: මහේෂානි මිගහපොල.
 

වසත් සිරිය 2024 Read Previous

වසත් සිරිය 2024

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Next

ලොව ළාබාලතම බිලියනපතිනිය

Realted Post

Leave a comment