Treand එකට ලස්සන වෙන හැටි පියුමිගෙන්

පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්. රංගන ශිල්පිනියක්, ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම මවක් ලෙස ද ඇය නිතර කතා බහට ලක්වෙයි.

 මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. රටවල් සමග ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මමයි මහත්තයයි ඒ වැඩකටයුතුවලට සූදානම් වෙමින් සිටිනවා.
පැමිණි මඩ ප්‍රහාරවලට ඔළුව හදාගෙන මුහුණ දුන්නේ කොහොමද?
මඩ ප්‍රහාර නම්  ලෝකයේ සෑම කාන්තාවක් වෙතම එනවා. ඒ දේවල් කරන මිනිස්සුන්ට ඒ කාර්ය කරගන්න දීලා තමන් තමන්ගෙ ගමන යන්න. ඒකට හොඳම උදාහරණය මම.
තනි මවක් ලෙස දරුවත් සමග පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?
කටුක මාර්ගයක ආවේ. තනියම ජීවත්වෙන මවක් මිනිසුන්ගේ නොයෙකුත් අපහාස උපහාසවලට ලක්වෙනවා. ඒ දේවල්  හිතට වද්ද ගන්නෙ නැතුව මේ දුර දක්වා ආවා. දැන්නම් මමයි දරුවයි කටුකබවින් මිදිලා හොඳ ස්ථාවරයක සිටිනවා.
කාන්තාවක් තනිකමට හුරුවෙන්න ඕනෑද?

තමන්ට තනිකම දැනුණු වෙලාවට ඒ දේවල් සමාජ මාධ්‍යවලට විවෘත කරන්න යන්න එපා. මොකද කාන්තාව ගොඩක් හැඟීම්බරයි. ඒ දේවල්වලින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න පිරිමින් ඕනෑතරම්  මේ සමාජයේ ඉන්නවා. එම නිසා තමන්ගේ තනිකමට  පවුලේ සාමාජිකයෙක්ව සම්බන්ධ කරගෙන ඒ දේවල් ඔවුන් සමග බෙදාගන්න. ඒ වගේම තනිකම කාන්තාවකගෙන් කාන්තාවකට සාපේක්ෂයි.  පිරිමියෙකුගෙ සහයෝගයක් නැතිව තනියම ජීවත්වීමට හැකි යැයි සමහර කාන්තාවන්ට සිතෙන්න පුළුවන්. එහෙම ජීවත්වෙන්න පුළුවන්. මොකද මේ බැඳීම් ඇතුළෙ තියෙන්නෙ පුදුමාකාර දුකක්. 
ජීවිතයේ අන්තයටම වැටුණු තැන මතකද?
දැන්නම් ඒ අත්දැකීම් මගේ මතකයේ නැතිතරම්. ඒ  දැන් මම ගොඩාක් සතුටින් ජීවත්වෙන නිසා.
ගැහැනියකට මුදල් ඕනැද?        
අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. පොහොසත් පිරිමින් සමග විවාහවෙලා ඔවුන්ගෙ යම් යම් වැරදි නිසා දුක්විඳගෙන ජීවත්වෙන මගේ හිතවතියන් සිටිනවා. ඒ අය කියන්නෙ තමන්ගෙ මහත්තයගෙන් වෙන්වුණොත් තමන්ට ජීවත්වෙන්න මාර්ගයක් නෑ කියලයි. ඉතින් කාන්තාවක් අධ්‍යාපනය හොඳින් හදාරා තමන්ටම මුදල් උපයාගත හැකි තත්වයක් ඇති කරගත යුතුයි.
මේ තරම් ලස්සන වුණේ කොහොමද? 
 පාසල් කාලයේ මගේ සම පැහැපත් නැහැ. එවැනි අයගේ මානසිකත්වය කාටවත් තේරුම් ගන්න බැහැ. හැමෝම කැමති පැහැපත්වෙලා ලස්සන වෙන්න. දැන් එරුබා එක සම පැහැපත් කරගැනීම. මම පාසල් යන කාලයේ සිටම විදේශීය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ලස්සන දේවල්වලට ගොඩාක් කැමතියි. ඒ දේ නිසාම ලස්සන වෙන දේවල් ගැන ගොඩාක් ඉගෙන ගත්තා. මට තියෙන්නෙ ලස්සන වෙන පිස්සුවක්. ඉතින් මේ වෙනකොට ඒ දේවල් නිසියාකාරව ඉගෙනගෙන මමත් ලස්සන වෙලා අනිත් අයටත් ලස්සන වෙන්න සහයෝගය දෙන වැඩ කරමින් සිටිනවා.
පිරිමි ආකර්ෂණය වන්නේ කාන්තාවගේ ලස්සනටද?
ඕනෑම පිරිමියෙක් ලස්සන ඇඟපතක් තිබෙන කාන්තාවක් දිහා හැරිලා බලන්න දෙපාරක් හිතන්නෙ නැහැ. ඉටිරූපයක් වගේ ලස්සන බිරිඳක් ගෙදර සිටියත් ලස්සන කාන්තාවක් දැක්කම ඕනෑම පිරිමියෙක් බලනවා. ඒක සාමාන්‍ය සිදුවීමක්. මගේ මතය ලස්සන කාන්තා ශරීරයකට පිරිමින් අනිවාර්යයෙන්ම ආකර්ෂණය වෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මගේ මූලිකම බලාපොරොත්තුව පුතාව විදේශ රටක උසස් අධ්‍යාපනයට යොමු කරලා ජීවිතයේ හොඳ තැනකට ගන්න. ඒ වගේම හොඳට මුදල් උපයලා මගේ වැඩකටයුතුත් කරගෙන අසරණ මිනිසුන්ට, සතුන්ට උපකාර කරගෙන සතුටින් ජීවත්වෙන එක තමයි මගේ ආසාව. කොයිතරම් මුදල් ඉපයුවත් ඒ දේවල් අතහැරදාලා දවසක අපිට යන්නම වෙනවනෙ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ජීවිතයේ මොනම අවස්ථාවකවත් වැටෙන්න එපා. අපි වැටෙනකම් බොහෝදෙනෙක් බලාගෙන සිටිනවා. හිත හයිය කරගන්න. වැටෙන්න යන හැම වෙලාවකම ජීවිත කතාව  සිහියට ගන්න. සතුටින් ජීවත් වෙන්න කියලයි. 

ඡායාරූප : ඉන්දික මල්ලවආරච්චි      

 

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර Read Previous

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

වසත් සිරිය 2024 Read Next

වසත් සිරිය 2024

Realted Post

Leave a comment