අපි නිදහස්ද

අපේ 76 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ අපි අපි ගැනම කතා තරමුග 
නිදහස ලබන විට මෙරට ජනගහනය තුළ කාන්තා පිරිමි අනුපාතය අතර එතරම් වෙනස්ව තිබුණේ නැතග මුල් කාලයේ පිරිමි අනුපාතය තරමක් ඉහළින් තිබූ අතරල මේ වන විට කාන්තා අනුපාතය ඉහළ ගොස් ඇතග ඒ අතරම රැකියාවල යෙදෙන කාන්තා අනුපාතයද වේගයෙන් ඉහළ ගොස් ඇතග උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා ඉහළ අනුපාතයක් ගෙන ඇතග ඒ අතර කාන්තාවන්ගේ රැකියා හා වෘත්තීය ක්ෂේත්‍ර ද වෙනස් වී ඇතග වෛද්‍ය වෘත්තියල නීතිඥ වෘත්තියල ගණකාධිකාරී වෘත්තිය ආදී වශයෙන් සාම්ප්‍රදායික නොවු වෘත්තීය ක්ෂේත්‍ර වෙත කාන්තාවන් යොමු වී ඇතග මාධ්‍ය කර්මාන්තය තුළද කාන්තාවන්ගේ දායකත්වය ඉහළ ගොස් ඇතග ඒ අතරම රැකියා කිරීම සඳහා විදේශගත වන කාන්තාවන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතග නිදහසින් පසු කාන්තාව භුක්ති විඳින නිදහස ගැන කතා කළ යුත්තේ මේ පසුබිමේ සිටයග ප්‍රාද්ශීය පරිපාලනය හා අධ්‍යාපනය තුළ කාන්තාව අති විශිෂ්ට තත්ත්වයක් අත්පත් කර ගෙන ඇති බව මේ වන විට අප කවුරුත් පිළි ගත යුතුයග 
 
කාන්තාව හා දේශීයත්වය
නිදහස ලැබීම සමග මෙරට මුහුණ දුන් බරපතළ අභියෝගය වන්නේ ජාතික සංවර්ධනය සඳහා වූ දර්ශනයක් ගොඩ නංවා ගැනීමයිග දේශීයත්වය මුල් කර ගත් ජාතික පාරිභෝජන රටාවක් ගොඩ නැංවීමෙහි ලා කාන්තාව සතු වගකීම කිසිසේත් අවතක්සේරු කළ නොහැකියග මක්නිසාද යත් කුමන ආකාරයෙන් වෙනස්වීම් පසුබිමක වුවද ගෘහය තුළ කාන්තාවට කළ හැකි බලපෑම තවමත් ඉහළ තත්ත්වයක පවතින බැවිනිග මේ ගැන අපි මෙසේ තර්ක කරමුග
■ දේශීය රෙදිපිළිවලට ඇති ඇල්ම
■ දේශීය ආහාරවලට ඇති ඇල්ම
■ දේශීය සංස්කෘතියට ඇති ඇල්ම
■ දේශීය නිෂ්පාදන පරිභෝජනයට ඇති ඇල්ම
■ දේශීය අධ්‍යාපනයට ඇති ඇල්ම 
මේ ආකාරයෙන් බැලු විට දේශීයත්වය ගෘහය තුළ ගොඩ නැංවීමට කාන්තාව සතු බලය හා ඒ සඳහා කාන්තාවට කළ හැකි බලපෑම අති විශාලයග 
අපේ දේවල් අත්හැරියාදරෑ 
මෙම මාතෘකාව තරමක් විවාදාපන්න විය හැකියග බොහෝ විට එවැනි මාතෘකාවකින් කාන්තාවට අවමානයක් ඇති කරන බවද කෙනෙකුට ප්‍රකාශ කළ හැකියග එහෙත් මෙය අප විසින් අධ්‍යයනය කළ යුත්තේ විශේෂයෙන් ඉන්දියාව වැනි රටක් සමග අප රටේ දේශීයත්වය සැසඳීමෙනිග නිදහසින් පසු ගත වූ මුල් කාලය තුළ මෙරට කාන්තාව අතර වඩාත් ජනප්‍රිය වූයේ අත්යන්ත්‍ර රෙදිපිළියග එපමණක් නොව දේශීය නිෂ්පාදනය කරන කොහුවලින් නිෂ්පාදනය කළ විවිධ ගෘහ උපකරණවලටද මෙරට කාන්තාවෝ මහත් සේ ප්‍රිය කළහග එපමණකින් නොනැවතී තමන්ගේ විලාසිතා සමග දිගින් දිගටම එක් කර ගන්නා ලද්දේ දේශීයත්වය පිළිබිඹු කරන විවිධ හැඩතලයග මෙවලම්යග උපකරණයග මේ සියල්ල අත හරින්නට කාන්තාවට ඇති අයිතිය ගැන අපි ප්ර්ශ්න නොකරමුග එය ඔවුන්ගේ අයිතියයිග 
ප්ලාස්ටික් පිරුණු නිවෙස් 
නූතන කාන්තාව මේ වන විට දේශීය දේ කෙරෙහි ඇති ඇල්ම අත් හැර දමා ඇති ආකාරය දේශීය සංවර්ධනයට අති බරපතළ අභියෝගයක් බවට පත් වී ඇතග දේශීය කර්මාන්ත සියල්ලටම එය බලපා ඇතග ගෘහය තුළ පොලු කොසු භාවිතය ගැන පමණක් අධ්යයනය කළ හොත් වැටහෙන්නේ කුමක්දරෑ පොල් කොසු දේශීය නිෂ්පාදනයකිග එයින් මෙරට ග්රාසමීය කාන්තාවෝම හොඳ ආදායමක් උපයා ගත්හග එහෙත් පොල් කොසු වෙනුවට ප්ලාස්ටික් කොසුවලට අලංකාරයට කාන්තාව යොමු වූයේ ඉතා ඉක්මනිනිග ප්ලාස්ටික් ගෘහ උපකරණ ගෘහ පිවිසුමේ සිට මුළුතැන්ගේ දක්වා පැතිර ගියේයග කොහු බුමුතුරුණු අද ගෘහයන් තුළ නැතග සියල්ල ප්ලාස්ටික්යග 
විජාතික අනුකරණයට හසුවුණු හැටි 
නිදහසින් පසු ලැබුණු නිදහස විසින් කාන්තාව බරපතළ ලෙස වාණිජ ආධිපත්‍යය විසින් ගිල ගන්නා ලදීග වෙළෙඳ ආධිපත්‍යයට සංස්කෘතියක් නැතග එපමණක් නොව මෙරට සංස්කෘතිය අනන්‍යතාවක්ද ආරක්ෂා කළ යුතුයැයි පිළිගැනීමක් හෝ විශ්වාසයක්ද නැතග මෙය පැහැදිලි කර ගත හැක්කේ සංසන්දනාත්මකවයග ඉන්දියාව මහා සංස්කෘතියක් සහිතයග ඒ තුළ සංස්කෘතික විවිධාංග බහුලයග එහෙත් අපි ඉන්දියානු කාන්තාවගේ හැඩ රුව ඉතාම පහසුවෙන් හඳුනා ගනිමුග එම ලක්ෂණයම මියන්මාර් කාන්තාවගේ දර්ශනයෙන්දල මැලේසියානු කාන්තාවගේ දර්ශනයෙන්දල එසේත් නැතිනම් මැද පෙරදිග කාන්තාවන්ගේ දර්ශනයෙන්ද වහා හඳුනා ගත හැකියග එහෙත් ශ්රී  ලාංකික කාන්තාව එසේ අනන්ය ලක්ෂණ සහිතව හඳුනා ගත හැක්කේ ඉතා සීමිත සංස්කෘතිකාංග සහිත අවස්ථා කිහිපයක පමණිග එසේ නොවන කුමන අවස්ථාවක වුවද අපේ කාන්තාවෝ යුරෝපීය කාන්තාවන්ට වඩා වෙනස් නැතග ව්‍යපාරික විලාසිතා අනුකරණයට ඇති කාන්තා නිදහස මෙරට සංස්කෘතිය විසින් පාලනය කරන්නේ නැතග ඒ නිසා එම නිදහස උපරිමව භුක්ති විඳින්නට මෙරට කාන්තාවෝ නොපැකිළව සිටිතිග සියලු මාධ්‍ය විසින්ද එය උත්තේජනය කරනු ලබයිග එහි ඇත්තේ ව්‍යාපාරික ලාභ අරමුණයිග ඒ අනුව අවසාන අර්ථයෙන් ගත් විට කාන්තාව දැනුවත්ව හෝ නොදැනුවත්ව විලාසිතා ව්‍යාපාරවලට බිලි වී සිටීග මෙහි විශේෂය වන්නේ එවැනි බිලිවීමක් ගැන කාන්තාවද නොදැන සිටීමයිග 
දේශපාලනයේදී ලැබුණු අඩු සැලකිල්ල 
මැතිවරණය අරමුණු කර ගත් කෝටාවක් කාන්තාවන් වෙත ලබා දුන්නේ 2018දී යග එනම් නිදහස ලබා දශක හයකට පසුවයග එසේ කරන්නට හේතු වූයේ කුමක්දරෑ මැතිවරණ සඳහා නාම ලේඛන සැකසීමේදී කාන්තාවන්ට ලැබෙන කෝටාව සැලකිය යුතු මට්ටමක නොමැති වීමයිග ඒ වෙනුවෙන් කාන්තාවට කෝටාවක් ලබා දීම යනු එක්තරා ආකාරයක බලහත්කාරකමකිග මැතිවරණ ලැයිස්තු සකස් කරන්නේ පිරිමින් විසින් නිසා ඔවුන් කාන්තාවන්ට ලැයිස්තුවලට ඇතුළත් වන්නට ඉඩ නොදෙන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකියග එහෙත් එහි ඇත්ත තත්ත්වය නම් මෙහි ඉහත දක්වා ඇති පසුබිම තුළ කාන්තා නියෝජනයට අවකාශය සලසා ගන්නට තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කර ගන්නට කාන්තාව අසමත් වී ඇති බවයිග සියයට විසි පහක කෝටාවක් ලබා දුන්නත් ඔවුන්ගෙන් වැඩි ඡන්ද ලබා තේරෙන සංඛ්‍යාව සතුටුදායක නොවීමෙන් අදහස් වන්නේ කුමක්දරෑ ජනතා නියෝජනයේදී මෙරට පොදු ජනතාව විසින් කාන්තා නියෝජනය කෙරෙහි විශ්වාසය තබා නැති බවයිග එසේ විශ්වාසය තබා නැත්තේ පිරිමින් පමණක් නොවේග කාන්තාවන්ද එයට අයත්යග එනම් කාන්තාවන් විසින්ද කාන්තාවන්ට ඡන්දය දීම නොකරන බවයිග 
ඔබ ඔබවම විවේචනය කරන්න 
මේ තත්ත්වය ඉතාම කනගාටුදායකයග මේ ගැන කාන්තා ව්‍යාපාර මෙන්ම වෙනත් සමාජ ව්‍යාපාර ද සිය අවධානය යොමු කළ යුතුයග කාන්තාව තමන්ගේ සමාජ අවධානය යොමු කර ගැනීමට යොදා ගන්නා විලාසිතාමය උපාය මාර්ගවලට ඉහළින් ඔවුන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගත යුතුයග එය කළ හැක්කේ ස්වයං විවේචනයෙනිග යුරෝපීය රටවල දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇත්තේ එවැනි රටවල පිරිමි ගැහැනු දෙපිරිසම එක ලෙසම කාන්තාවන්ගේ විශිෂ්ටත්වයට ගරු කරන බැවිනිග නිදහසින් දශක අටකට ආසන්නව සිටින කාලයක අපගේ අධ්‍යාපනය විසින්දල ජනමාධ්‍ය විසින්දල දේශපාලනඥයන් විසින්ද පමණක් නොව කාන්තා ව්යායපාර විසින්ද කාන්තාවගේ සමාජමය විශිෂ්ටත්වය විනාශ කර දමා ඇතග කාන්තාව අද වන විට යම් පීඩාකාරී තත්ත්වයක් සමාජය තුළ විඳ ගන්නේ නම් එයට ඉහත කී පාර්ශ්ව සියල්ල වග කිව යුතුයග ඒ සියල්ලටම වඩා වග කිව යුත්තේ කාන්තාවන්යග සමාජය තුළ සමබර වටිනාකමක් - සමබර විශිෂ්ටත්වයක් අත්පත් කර ගන්නට තමන්ට නොහැකි වූයේ ඇත්තටම කුමක් නිසාදැයි කාන්තාව බරපතළ ලෙස කල්පනා කළ යුතුයග 
රටේ නිදහස පිළිබඳ කතා කරන සමයේ ඔබ ඔබ ගැන කල්පනා කරන්නග ලැබුණු නිදහස රැක ගැනීමට මෙන්ම එය තව තවත් වැඩි දියුණු කර ගනිමින් ඉදිරි ගාමනක් යාමට උත්සාහ කරන්නග 
ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ
ආචාර්ය බන්දුල පීග දයාරත්න 
 

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත  ඉන්දිකා ජයසේන Read Previous

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment