Category : DR obai
එළවලු සහා පළතුරුවල ............
මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සහා ඵලදායී ලෙස කළමණාකරණය කිරීම සඳහා එළවළු සහා පළතුරුවල ඇති බෝහෝ පෝෂ්‍ය පදාර්ථ සහා ශාක රසායක ද්‍රව්‍යය දායක වන බව සොයාගෙන තිබේ.
අධි රුධිර පීඩනය මානසික ආතතියේ ප්‍රතිඵලයක් ද ?
වර්තමාන කාර්යබහුල ජීවන රටාව හමුවේ අධි රුධිර පීඩනය (පේෂර්) කියන්නේ අද වන විට බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට අයත් රෝගයක්. අධි රුධිර පීඩන රෝග තත්ත්වයත් සමඟ ඇතිවෙන මානසික අවපීඩනය නිසා රෝගයට අමතරව වෙනත් සංකූලතා ඇතිවීමට පුළුවන්. මානසික ආතතිය අවම කරගෙන අධි රුධිර පීඩනය රෝගය නිවැරදි පාලනය තුළ සුවපත් ජිවීතයක් ගත කරන්නේ කෙසේද යන්න ඔබට කියාදිමට අප හා එක්වුයේ, ජේෂ්ඨ කථිකාචාර්ය සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව - රජරට විශ්ව විද්‍යාලය, ප්‍රජා වෛද්‍ය මනෝජ් ප්
සුවදායී ගර්භිණී සමයක්
රුබෙල්ලා - ෆෝලික් ඇසිඩ් ගන්න හොඳම කාලේ
ගැහැනු හංගන ලෙඩ ලැජ්ජා වුණොත් අමාරුවේ වැටෙන්නේ ඔබමයි
හුඟක් දෙනා සමහර ලෙඩ රෝග වෛද්‍යවරයෙකුට ගිහින් කියන්නත් බැරි තරමේ රහසක්ව තබා ගැනීමට පෙලඹෙති. එවැනි තීරණ නිසා ඔවුන් ජීවිත කාලය පුරාම විඳවන අවස්ථා ද තිබේ. මේ කතා කිරීමට යන්නේද කාටවත් කීමට අකමැතිව රහසේ තබාගෙන සිටින, සමහරවිට ඉතා බරපතළ විය හැකි රෝග කිහිපයක් ගැනය.
අම්මයි බබයි දෙන්නම අවදානමේ වැදෑමහේ ගැටලු
‘කාන්තාව’ මවක් වීම ඇයගේ ජීවිතයේ වැදගත්ම කාලපරිච්ෙඡ්දය යි. පෙරුම් පුරා ගැබිනියක බවට පත් වූ ඇය තම කුස තුළ වර්ධනය වන, මොලොව එළිය නොදුටු දරුවා බිහිවනතුරු ගැබ ආරක්ෂා කර ගන්නේ මහත් ඕනෑකමකිනි.
නීපා ලොවටම වසංගතයක් වෙයිද?
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ඔබත් මෙය ඇසුවා ද? මේ දිනවල දරුවන් අතර පැතිරී යනවා යැයි පැවසෙන රෝගය පිළිබඳ ඇත්ත නැත්ත මෙන්න.....
මේ දිනවල දරුවන් අතර පැතිරී යනවා යැයි පැවසෙන රෝගය පිළිබඳ ඇත්ත නැත්ත මෙන්න
අයිස් මත්ද්‍රව්‍ය නිසා සිරුර හැඩවෙන්නෙ නෑ දියවෙනවා
තරුණවියේ පසුවන ගැහැනු ළමයින් වගේම විවාහක කාන්තාවනුත් මතට ඇබ්බැහිවීම වැඩි වී ඇතිබවට පුවත් පසුගිය දිනවලදී අපට නිතර අසන්නට ලැබුණා. එම හේතුව නිසා කාන්තාවන් මතින් ගලවාගන්න මේ වන විට පුනරුත්ථාපන කඳවුරු පවා නිර්මාණය වෙමින් තිබෙන බව රහසක් නොවෙයි.
ගැබිනියගේ පෝෂණ වට්ටෝරුව
විවාහ වූ දා සිට ඔබෙත් සැමියාගේත් වගේම පවුලේ හිතවතුන්ගෙත් එකම පැතුම ඔබේ ගර්භිණීභාවයයි. ඔබේ පවුල සම්පූර්ණ වනුයේ මේ පුංචි පැටියාගේ ලෝකයෙන්. ඒ නිසාම නිරෝගී සුන්දර පුංචි සිඟිත්තෙකු ඔබේ කුසට පැමිණීමට පෙර සිට අවධානය ඉතාම වැදගත්. ඒ නිසා ගර්භිණී කාලයේදී ඔබ ලබා ගන්නා පෝෂණය ඉතාම වැදගත් වෙයි.
හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි
පුංචි පැටියාට කෑම කවන එක තරම් යුද්ධයක් අම්මලාට නැති තරම්. මව්කිරි බොන කාලේ නම් බෝලේ වගේ හිටියා. ඒත් බත් කන්න ගත්තත් හරි දවසින් දවස කෙට්ටු වෙනවා. අනේ මන්දා බත් කටක් කන්නෑනේ. බොහොමයක් අම්මලාට තියන ලොකුම හිත් වේදනාව තමයි පුංචි පැටියාගේ බංඩිය පුරවන එක.
ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වෙන්න හේතු
කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක් ලෙස සේවයේ නියුතු පුෂ්පා රම්‍යානි ද සොයිසා දීර්ඝ කාලයක් ලද අත්දැකීම් සහ දැනුම් සම්භාරය හේතු කොටගෙන ඇය ලද දැනුම ඇසුරින් කාන්තා පාර්ශ්වයට ඔසප් චක‍්‍රය අක‍්‍රමවත්වීමට ඇති හේතු පිළිබඳ අපි ඇයගෙන් විමසීමක් කළා.
සුරතල් සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝග
සුරතල් සතෙකු ඇතිකිරීම ගෘහස්ත ජිවිතය තුළ අංගයක් බවට පත්වී තිබෙනවා. සුරතල් සතෙකු ඇති කිරීම තුළින් ආරක්ෂාවට වගේම මානසික කියාක සුවයටත් ලොකු පිටුවහලක් වෙනවා.
Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය
වර්තමානයේ ජීවන තත්ත්වයත් කන කෑම බීමත් හා ස්වභාවික තත්ත්ව නිසාත් නිරෝගී පුද්ගලයකු සොයා ගන්න බැරි තරම් .ඒ අතර බහුලව කාටත් හිසරදයක් වන Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය ගැන කතා කරන්න හිතුවා.
බබාට බෙහෙත් විදින්න බයද ?
මිනිසාට වැලඳිය හැකි රෝග වළක්වා ගැනීමට විවිධ ක‍්‍රම ඇත. ඒ අතරින් ප‍්‍රතිශක්තිකරණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසූරිය අද වන විට ලෝකයෙන් තුරන් කර ඇති අතර, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ආසන්න තත්ත්වයට පත්ව තිබේ. ඒ සියල්ල සිදුවූයේ ලෝකය පුරා විහිදුණු ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් මගිනි. වසර 2022 දත්තවලට අනුව පෝලියෝ රෝගය ලෝකයේ බොහෝ රටවල්වලින් තුරන් කර ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන රටවල් දෙකේ පමණි.
රෑට කෑම හරියටම කන්න ඕන විදිය
ගෙදර දොර දී නම් රාත්‍රී ආහාරය හිඟන්නෝ කන ක්‍රමයට කන්න කියන එක තමයි අන්ත්‍රොත් දේශණ වල කියලා තියෙන්නේ. හිගන්නෙකුට ඩෙසට් එකක් හම්බෙන්නැහැනේ කොහොමත්. ඒ මනුෂ්‍යා පොඩි මොනවා හරි කාලනේ ඉන්නේ.
කෑවේ නැත්නම් රෑට නින්ද යන්නෙ නැත්ද?
වර්තමාන සමාජය තුළ යම් යම් මතයන් තියනවා රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් ක්‍රමයන් අනුගමනය කරන්න. සමහරු ආහාර පාලනය කරනවා කියලා රාත්‍රී ආහාරය නොගෙන ඉන්න. නැත්නම් තවත් පිරිසක් ආහාර තමුන්ගේ හිතුමනාපේට සීමා කරනවා. එහෙමත් නැත්නම් තුන්වේලම හොඳට කන්න ඕනි. නැත්නම් රෑට නින්ද යන්නැහැ උදේට ඇඟට හරි නැහැ. පණ නෑ වගේ කියලා හොඳට රෑට කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා.
නිරෝගීව ලස්සනට ඉන්න නම් පෝෂණීය පෝෂණීය ආහාර ගත යුතුයි
රූපය ගැන කතා කරද්දි කරද්දී ඒ හා බැඳුණු දෙයක් තමයි නිරෝගීකම නිරෝගීකම තිබුනොත් තමයි අපේ බාහිර ලස්සන ඉස්මතු කරගන්න හැකි වෙන්නේ මුළු සිරුරම නීරෝගීව පැහැපත්ව තබා ගත හැකි ක්‍රමයන් පිළිබඳව තමයි මෙම ලිපි මාලාවෙන් කියාදීමට සිතුවේ. එහි පළමු පියවර ලෙස අප ලබාගන්නා ආහාර කොතරම් නම් නිරෝගීකම හා ලස්සනට බලපෑමක් වෙනවද කියල තමයි අද කතා කරන්න හිතුවේ.
රිය ධාවනය කරන පුද්ගලයන්ගේ ඇස් ආබාධ
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ප්‍රථම රජයේ අක්ෂි වෛද්‍යවරුන් විසින් සකසන ලද මාර්ග උපදේශන මත අක්ෂි පරික්ෂාවක් සිදු කර ගත යුතුයි. මෙය ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය විසින් 2021 පෙබරවාරී 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය සඳහා වූ දැක්ම ප්‍රමිතීන් වෙනස්කම් සිදු කර ඇත.
කල් යන කිරි සිහිනය ළං කරන ප‍්‍රතිකාර
විවාහ ජීවිතයට එළඹෙන සෑම යුවළකගේම එකම ප‍්‍රාර්ථනය කිරි සිහිනය සැබෑකර ගැනීමයි. එහෙත් දෙපළගේ යම් බාහිර හේතු මත ඒ සිහිනයට යම් යම් බාධා එන්න පුළුවන්. එහෙත් නවීන වෛද්‍ය විද්‍යාවත් සමග කිරි සිහිනය බොඳ නොවී සාර්ථක කර ගැනීමේ මංපෙත් විවර වී තිබෙනවා.
ත‍්‍රිපෝෂ ගුළියට ආ බිල්ලා
පසුගිය කාලයේ ගුණාත්මක බඩඉරිඟු සොයා ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ හරහා ත‍්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වුණා. Aflatoxines පිළිකාකාරක රසායනය බඩඉරිඟුවල Aflatoxines වැඩිපුර අන්තර්ගතවීම නිසාත් ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට ගැටලූ මතුවුණා. වැඩිපුර අන්තර්ගතවීම දරුවන්ට අහිතකරයි.
රක්තහීනතාවයට අතවශ්‍ය විටමින්
නීරක්තිය එහෙම නැත්නම් රක්තහීනතාවය ඇතිවීමට සිරුරේ යම් යම් රෝග පෝෂණ ඌණතා ද බලපානවා. නිවැරදි ප්‍රතිකාර රටාව වගේම සෞඛ්‍යමත් ජීවන රටාවකින් මේ රෝගී තත්ත්වය වළක්වා ගන්න හැටි ඔබ දැනුවත් කරන්න සම්බන්ද වූයේ, ගම්පහ දේශිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය රවීන්ද්‍ර වීරසිංහ මහතා.
දුක නැති කරන මියුසික් මන්තරේ
″සංගීතය″ යනු විශ්ව භාෂාවක්. ගීතයක්/ සංගීත රාවයක් රසවිඳීම තුළින් ලැබෙන මානසික, කායික සුවයට ලැබෙන ඖෂධයක් නැත්නම් ආහාරයක් වගේ. සංගීතය හෝ ගීතය රසවිදිම තුළ මිනිස් ජිවිතයට ලැබෙන ප්‍රතිලාභ ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. සංගීතය සහ ගීතය නිවැරදිව රසවින්දනයට යොදාගෙන කායික, මානසික සුවය අත්කර ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු.
ස්ට්‍රෙච් මාක්ස් වදයක් වෙලාද?
ගැහැනුු පිරිමි භේදයකින් තොරව පොදුවේ මුහුණ දෙන ගැටලූවක් ලෙස සමේ ඉරි සහිත පැල්ලම් නැතිනම් ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීම හඳුන්වන්න පුළුවනි. විශේෂයෙන් මේ ගැටලුව නිසා කාන්තාවන් වැඩිදෙනකු අපහසුතාවට පත්වන්නේ ලස්සන පෙනුමට හානියක් වන නිසයි. ඉණ ප‍්‍රදේශයේ මෙවැනි කැළැල් ඇති කාන්තාවක් නම් සාරියක් හෝ ඉණ ප‍්‍රදේශය විවෘතවන සේ අඳින ක්‍රොප්ටොප් වැනි විලාසිතාවකදී තමන් බලාපොරොත්තු වන ආකර්ෂණය ලබා ගැනීමට එය බාධාවක් විය හැකියි.
උෂ්ණාධික සිරුරක් ඇති ඔබ කියවිය යුතුම ලිපියක්
උෂ්ණාධික සිරුරක් කියන්නේ බාහිරින් හා අභ්‍යන්තරව හිතට වද දෙන කාරණයක්. විශේෂයෙන් බාහිර රූපය අවලස්සන කරන හැකියාව වැඩියි. ඒ නිසාම මේ කරදරකාරී ගැටලුවට ස්වභාදහම මිශ්‍රව යන වෙදකමින් සහනයක් ලබා දෙන මග කියන්න සිරිකත Online අපි හිතුවා .
නිව්මෝනියා රෝගය ගැන ඔබ දැනුවත්ද?
ස්වසන රෝග ගණයට අයත් වන නිව්මෝනියා රෝගී තත්වයට නිසි ප්‍රතිකාර සහ ජීවන රටාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි වීමට පුළුවන්. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වැඩි හානි වීමට පුළුවන් සේම ඒ තුළින් ජීවිතය ද අවිනිශ්චිත වීමට පුළුවන්. ඒ නිසාම මේ ගැන ඔබේ දැනුවත්භාවය ඉතාමත් වටිනවා.
ගැබිනි සමයේ අවදානම් පැල්ලම රුධිර වහනය
ගර්භිණී කාලයේ රුධිර වහනය මවක් ඉතාම බියට පත්වෙන කරුණක්. ඒ තමාගේ කුස වැඩෙන කලලය ඉවත් වීමට සැරසෙනවා දැයි ඇතිවෙන සැකය නිසයි. එහෙත් ගර්භිණී දස මස තුළ රුධිර වහනය විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්.
සුව කළ නොහැකි තුවාලයක් සුව කරන්නේ මෙහෙමයි
අපේ ජනවහර තුළත් නිතර භාවිත වන කියමනක් තමයි මේක නම් සුව කරන්න බැරි තුවාලයක් කියලා. ඇත්තටම සිරුර තුළ ඇතිවන කාලීන තුවාලයන් සුව අතට පත්කර ගැනීම අපහසුයි ද ? ඒ නිසාම අද අපි කතා කරන්නේ සුව නොවන තුවාල එසේ නැත්නම් කාලීන තුවාලයන් සඳහා ආයුර්වේද විද්‍යාවෙන් සුව කරන්නේ කොහොමද කියලා. මේ ගැන සාකච්ඡුා කරන්න සම්බන්ධ වුයේ, විශේෂඥ ශල්‍ය ආයුර්වේද වෛද්‍ය ප‍්‍රියදර්ශණි ගුණරත්න
ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට පොකුරු වද මල්
පොකුරු වද මල් සිරුර සිසිල් කරන අතර ලේ පිරිසුදු කරනවා. සමට හිතකරයි . වගේම සමේ පැහැය වඩවනවා. ඒවගේම හිස කෙස් කලු හා දීප්තිමත් කරනවා. කාන්තාවන්ගේ ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට උපකාර වෙනවා .
සුව නින්දක්ද ලබා දෙන නිල් කටරොලු
නිල් කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය (Antioxidants ) නිසා වයසට යාම පමා කරගන්න පුළුවන් .අපි කවුරුත් කැමතිනෙ තරුණ බව රැක ගන්න. ඔන්න ඕගොල්ලන්ට දැන් සරලව ලොකු මුදලක් වැය නොකර ස්වභාවිකව වයසට වඩා අඩු වයසක් පවත්වා ගන්න පුළුවන් මේ හරහා.
හිස කෙස් කලු හා දීප්තිමත් කරන ස්වභාවික මල්
ලස්සන වෙන්න කවුද අකමැති .වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමදෙනාම ලස්සන ගැන හිතන්න පුරුදු වෙලා ඉන්නවා . ලස්සන වෙන්න අවට වටපිටාවෙන්ම සරලව සත්කාර කරගන්න පුළුවන් නම් කොතරම් වටිනවද? එහෙනම් බලන්නකො ඔබේ අවට ගෙවත්තේ ගුණ රුව දෙකම ලබා ගන්න පුළුවන් මල් වර්ග වැටිලා නිකං පරවෙලා කුණු වෙලා යනවද කියලා . හැබැයි දැන් කියන මල් වර්ග උපයෝගී කරගෙන ලස්සන වෙන්න වගේම එහි ඇති ඖෂධීය වටිනාකම හරහා නිරෝගිමත් භාවය රඳවා ගන්නත් ඔබට පුළුවන් .